සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව රත් කළ වසන්ත සමරසිංහගේ රේන්ජ්රෝවර් එක සහ පූනෑව වත්තේ වල් අදින ආණ්ඩුවේ කැබ් එක….

by editor
ජනවාරි 23, 2025
in පුවත්
Wasantha Samarasinghe
Share on FacebookShare on Twitter
  • වාහන භාවිය ගැන කෑ ගහලා ආපු ආණ්ඩුවේ ඇමති වසන්ත සමරසිංහ වසන්ත සමරසිංහ පදින්නේ රේන්ජ් රෝවර්…

  • සංචාරක අමාත්‍යාංශයෙ වාහනයක් බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් පදින ගමන් පූනෑව වත්තේ වල් අදිනවා…

කිසිම රජයේ වාහනයක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වෙත ලබා දී නැතැයි අගමැතිවරිය විසින් කරන ප්‍රකාශය රට නොමගයවනසුළු බවත් ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් ඇමතිවරුන් සියලු දෙනාම රජයේ වාහන භාවිතා කරනවා සේම කර්මාන්ත ඇමති වසන්ත සමරසිංහ පදින්නේ රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් බවත් අද බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනාකය පාර්ලිමේන්තුවේ දී කිවේය.

එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි වාහනයක් පදිනවා පමණක් නොව, ඔහු පූනානි වත්තේ වල් අදින්නටත් එම වාහනය භාවිතා කරන බවය.

අද පාර්ලිමේන්තුවේ දී මෙම හෙළිදරව් කිරීම සිදුවන්නේ චාමර සම්පත් දසනායක විසින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ වාහන භාවිතය පිළිබඳව විමසූ අවස්ථාවේ දී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් ලබා දුන් පිළිතුර ප්‍රශ්න කරමිනි.

චාමර සම්පත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පදින වාහන පිළිබඳ ඇසු ප්‍රශ්නයට අගමැතිවරිය මෙසේ උත්තර දුන්නාය.

“දසවන පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබා දිමක් සිදුකර නොමැත. නමුත් විශේෂ අවශ්‍යතාවයක් ලෙස සලකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්වන සුගත් වසන්ත ද සිල්වා වෙත කාර් රථයක් ලබා දී ජනාධිපති කාර්යාලය මගින් කාර් රථයක් ලබා දී ඇත.”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“ඉහත මන්ත්‍රීවරයා දෘශ්‍යාබාධ සහිත පුද්ගලයෙක් වීමත් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවතාවට ආබාධිත ප්‍රජාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා ලෙස සක්‍රීය දායකත්වය ලබාදීම සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය නිසාත් මෙම වාහනය ලබා දී තිබේ.”

“ජනාධිපති කාර්යාලය මගින් ලබාදී ඇති වාහනයට රියදුරෙක් ලබා දී නැත. ජනාධිපති කාර්යාලය මගින් ලබාදුන් වාහනයට ඉන්ධන ද ලබා දී නැත. රජයේ ප්‍රසම්පාදන මාර්ග උපදේශ සංග්‍රහය අනුගමනය කරමින් සේවා සැපයුම්කරුවන් තෝරා ගනු ලබයි. නඩත්තු සහ වාරසේවා ඔවුන් හරහා සපයනු ලබයි. වාහනය අනුයුක්ත දින සිට 2025.01.17 දින දක්වා රජය කිසිම වියදමක් දරා නැත.”

මේ අවස්ථාවේ දී සිය පළමු අතුරු ප්‍රශ්නය අසමින් චාමර සම්පත් දසනායක මෙසේ විමසුවේය.

අගමැති තුමිය කියනවා වාහන ලබා දි නෑ කියලා. ඒත් රජයේ වාහන මාදිවල තියනවා. කැබ් පදිනවා. නමුත් ඔබතුමිය දීලා නෑ කියලා වගකීමෙන් කියනවා. ඔබතුමිය රටේ අගමැති තුමිය විදිහට මේ සභාවේ දී වගකීමෙන් කියන කතාව මම පිළිගන්නවා.

ඒත් අද කැබ් මාදිවල ගෙවල් අස්සේ තියනවා. මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් රේන්ජ් රෝවර් පදිනවා . වියදම V 8 එකට වැඩියි. රේන්ජ් රෝවර් පදිනවට වඩා V 8 පදින්න. වියදම් අඩුයි. ඇමති කෙනෙක්. ඇමතිගෙ නම කියන්නේ නෑ.

ආන්ඩු පක්ෂයෙන් – නම කියන්න…

චාමර සම්පත් – නම කියන්න ද . වසන්ත සමරසිංහ ඇමතිතුමා පදින්නේ.

දෙවැනි එක මේ තියෙන වාහනය. ( වාහනයේ ඡායාරූපයක් සහිත පිටපතක් පෙන්වයිත) මේ වාහනය සමාජ මාධ්‍යයේ ගියෙ. මේක සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. නම කියන්නේ නෑ. ෆේස් බුක් එකේ ගියෙ. නම කියන්නේ නෑ. බණ්ඩාරවෙල පුනාගල වත්තේ මේ වාහනෙන් වල් අදිනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. මේක මැඩම්ට මම එවනවා.

කතානායක – ප්‍රශ්නය අහන්න

චාමර සම්පත් – ප්‍රශ්නය තමයි මේ… මැඩම් කිව්වා කවුරුත් වාහන අරන් නෑ කියලා. මේ 1208 වාහනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පදිනවා. පස්සර සම්බන්ධීකරණ කමිටුවට ආවා. ලුණුගල සම්බන්ධීකරණ කමිටුවට ආවා. දිස්ත්‍රික් රැස්වීමට ආවා. බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වාහනය පදිනවා මේ මන්ත්‍රී තුමා. පූනාගල වත්තේ ඉන්නේ. පූනාගල වත්තේ මේ වාහනෙන් වල් අදිනවා. මේ ෆොටෝ දාලා තියෙන්නේ මම පූනාගල වත්තට ගිහින් නෙමෙයි.

ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය ඒක. මැඩම් දෙන්නෙ නෑ කිව්වනම් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට උත්තරය දැන් ඕන නෑ. හැබැයි 1208 මේ ආණ්ඩුවට හොඳ නෑ.

මේක මම ෂෙයා කළ එකක්වත් කමෙන්ට් කළ එකක්වත් නෙමෙයි. සමාජ මාධ්‍යයේ මේ වාහනය ගැන හැම තැනම තියනවා. මේක සංචාරක අමාත්‍යාංශයේ වාහනයක්.

අගමැතිවරිය – ඔබතුමා ඕක මට දෙන්න. මම ඒක හොයලා බලන්නම්.

චාමර සම්පත් – හොයලා බලන්න. මම දැනුම් දුන්නා. එච්චරයි.

දෙවැනි අතුරු ප්‍රශ්නය ඇසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසිනි.

හර්ෂණ රාජකරුණා – අගමැති තුමිය වාහන සම්බන්ධව පැවසූ පිළිතුර නිවැරදි පිළිතුරක් ලෙස අපට පිළිගන්න බෑ. ඔබ තුමිය අද බලන්න මේ පාර්ලිමේන්තුවේ ගේට්ටුව ගාවට කවුරුහරි නිලධාරියෙක් පත් කරන්න පුලුවන් නම් පත් කරලා. මාදිවෙල නිවාස සංකීර්ණයට කවුරුහරි නිලධාරියෙක් පත් කරන්න පුලුවන්නම් එහෙමත් නැතිනම් මේ සීසීටීවී කැමරාවලත් බලලා ඔබතුමිය ඔබතුමි තීරණයක් ගන්න.

අපට නම් පේන හැටියට අර ගෝල්ෆේස් එකේ පෙන්නපු වාහනවල බාගයක් වාහන මෙතන ඉන්න මන්ත්‍රීවරුන් පාවිච්චි කරන ඒවා. ඒක හින්දා හැම මන්ත්‍රීවරයෙක්ම ඒ කටයුත්ත වෙලා තියනවා. ඔබතුමියවත් නොමග යවලද මම දන්නේ නෑ. ඒ නිසා ඉතා පැහැදිලිව මේ ගැන පරීක්ෂණයක් කරන්න.

ඔබතුමියලා ආවේ කැන්ටින් වහන්න… වාහන පාවිච්චි කරන එක නවත්වන්න. ඔබතුමිය පොඩ්ඩක් කැන්ටිම දිහාත් ගිහින් බලන්න.

කරුණාකරලා මේ ගැන පරීක්ෂණයක් කරන්න

හර්ෂණ රාජකරුණා සහ චාමර සම්පත් දසනායක විසින් නැගූ කරුණු සම්බන්ධව අගමැතිවරිය මෙසේ උත්තර දුන්නාය.

අගමැතිවරිය – ගරු කතානායක තුමනි. අපේ මන්ත්‍රීවරුන්ටවත් අපේ ඇමතිවරුන්ටවත් කිසිම ප්‍රශ්නයක් නෑ වාහන පාවිච්චි කිරීමට. ඊට අපේ අකමැත්තක් නෑ. ඇමතිවරුන් අපි සියලු දෙනාටම වාහන අමාත්‍යාංශ සංචිතවලින් ලබාගෙන තියනවා. නමුත් මම මේකත් කියන්න කැමතියි ගරු කතානායක තුමනි.

මම ඇතුළුව අපි අමාත්‍යාංශවලට ගිහින් බලනකොට… අපට පාවිච්චි කරන්න පුලුවන් වාහන අපට ඕන වුනා. සුඛෝපභෝගී වාහන නැතිව ඉන්ධන වියදම අඩු, පරිසරයට හානි අවම වාහන තෝරගන්න යනකොට ඒවගේ ඔක්කොම තිබ්බේ V 8, බීඑම්ඩබ්ලියු, බෙන්ස් වැනි වාහන තමයි වැඩිපුර තිබ්බේ. අපි ඉතාම අමාරුවෙන් තමයි අපට සුදුසු වාහනයක් හොයා ගත්තේ.

අදටත් අපේ නියෝජ්‍ය ඇමතිලා ඉන්නවා වාහන නැති. අපි බොහෝ දෙනෙක් තමන්ගේ පුද්ගලික වාහන පාවිච්චි කරනවා. ඒ වාහන පාවිච්චි කරනකොට මෙතුමන්ලට ඉරිසියාවක් තියනවා නම් ඒ වාහනය තත්ත්වය ගැන… ඒකට අපට කරන්න දෙයක් නෑ. අපි ප්‍රතිපත්තියක් හැටියට තීරණය කරලා තියනවා අමාත්‍යවරුන්ට වාහන අවශ්‍යයි. නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වාහන අවශ්‍යයයි. අපි කොයි වෙලාවකවත් වාහන පාවිච්චි කරන එක ප්‍රතික්ෂේප කරලා නෑනේ.

නිල වශයෙන් ගත හැකි ගත යුතු වාහන අපි පාවිච්චි කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඕන නම් මෙතුමාට පෙන්වන්නම් මගේ අමාත්‍යාංශය සහ අගමැති කාර්යාලය තුළ, අපි හිටිය මාස 03 තුළ ඉන්ධන වියදම අඩු වුන හැටි.
2024 මම බැලුවා නොව්ම්බර් මාසය වනකම්… එක මාසයකට විතරක් මිලියන 3.24යි සාමාන්‍ය ඉන්ධන වියදම. මම වැඩ භාරගත්තට පස්සේ මේ වියදම මිලියන 1කට අඩුයි. අපි මේ වියදම අඩු කරපු විදිහ මේ අය දන්නේ නෑ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ බුලට් පෲෆ් වාහන දෙකක් තිබිලා තිබුණා. ඒක පාවිච්චි කළේ නෑ. මේ වනවිට මිලියන 37 ඉතිරියක් අපි කරලා තියනවා ඉන්ධන භාවිතයෙන්.

වාහන පාවිච්චිය ගැන මේ අය හොයන එක විහිළුවක්. මෙතන ඉන්න ඇමති නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන් අහන්න අපට තිබුණ ප්‍රශ්න. ලජ්ජාවක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් වාහනයක් හොයා ගන්න අපට තිබ්බ ගැටලුව. මේක තමයි උත්තරය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ අම්බලන්තොට වෙඩි තැබීමේ සුල මුල හෙළි වෙයි!

Next Post

පාර්ලිමේන්තු කැන්ටිමේ මිල ගණන් වැඩිවෙයි…. 450 ආහාර ගාස්තුව රුපියල් 2000යි.

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.