බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහතික මිලට සහල් දෙන්න පුලුවන් මිලකට වී ගන්න… වංගු දාන හැම මෝලක්ම හමුදා භාරයට ගන්නවා…

by editor
ජනවාරි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • බතත් සමග කරන ගනුදෙනුවේ දී ප්‍රජාතන්ත්‍රවාදයේත් සීමා ඇති බව ජනපති අවධාරණය කරයි…

සහතික මිලට අලෙවි කිරීම සඳහා සහල් වෙළෙඳපලට නිකුත් කිරීම මේ මහ කන්නයේ සිට අනිවාර්ය බවත්, වී නැමැති ජාතිකවත්කම සම්බන්ධව නැවත නැවතත් කූඨ ව්‍යාපාර කරන්නට පැමිණෙන සියලුම සහල් මෝල් හිමියන්ගේ මෝල හමුදා භාරයට ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානාය ප්‍රකාශ කළේය.

එබැවින් තොග රැස් කරනන්ට ඔහු අවධාරණය කළේ සහල් සහතික මිලට වෙළෙඳපලට නිකුත් කිරීමට හැකි මිලකට වී මිලදී ගැනීම සිදුකරන ලෙසය.

එමෙන්ම සහල් තොග රැස් කරන්නන් වී අලෙවි මණ්ඩලයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචිවී අනිවාර්යය බව කී ජනාධිපතිවරයා එසේ නොකරන තොග රැස් කරන්නන්ගේ සහල් තොග රාජ සන්තක කරන බව ද දැනුම් දුන්නේය. ඔහු ප්‍රකාශ කළේ රටේ බත සමග ගනුදෙනු කිරීමේ දී ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධවත් සීමා ඇති බවය. ඊයේ සටන සංවාදශීලී රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ අවධාරණය කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

පළවෙනි අපිට දත්තයක් ඕන. අපි චක්‍රලේඛයක් නිකුත් කළා වී තොග රැස් කරන හැම කෙනාම ආණ්ඩුවේ ලියාපදිංචි වෙන්න ඕන. වී තොග රැස් කරන කිසිම කෙනෙකුට රජයේ ලියාපදිංචි නොවී වී තොග රැස් කරන්න බෑ මීට පස්සේ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

තමන් කුඹුරෙන් කොටලා වී ටික ගෙදර තියා ගැනීම නෙමෙයි මේ කියන්නේ. මිලදී අරගෙන තොග රැස් කරනවා නම් එයා රජයේ ලියාපදිංචි වෙන්න ඕන. ඒ කියන්නේ පාරිභෝගික අධිකාරියේ සහ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වෙන්න ඕන.

එතකොට ඒ අය ලියාපදිංචි වුනාම ඒ අය සති පතා වී තොග පිළිබඳ වාර්තාවක් එවන්න ඕන. ගෙදර කෙනෙකුට රත්තරන් රැස් කරගන්න පුලුවන්. අපට කියන්න ඕන නෑ. ඉඩම් තියා ගන්න පුලුවන්. අපට කියන්න අවශ්‍ය නෑ. නමුත් වී එහෙම තියාගෙන ඉන්න අයිතියක් නෑ.

අපේ රටේ මහා මාර්ගවලට ඇරුණුකොට වැඩිම ආයෝජනය කරලා තියෙන්නේ වී නිශ්පාදනය කරන්න. ඒ කියන්නේ වාරිමාර්ගවලට. අපි ආසන්න වශයෙන් මේ මහ කන්නයේ දී රුපියල් බිලියන විස්සකට වැඩි ප්‍රමාණයක් දුන්නා පොහොර සහනාධාරයට. කෝටි 2000ක්. රටේ ඉඩම් සම්පත මේකට යට කරලා තියනවා. ඒ කියන්නේ මේක ජාතික දේපලක්. මේක එක එක්කෙනාට හංගගෙන ඉන්න එක එක්කෙනාට තොග රැස් කරගෙන ඉන්න… එහෙම කරන්න බෑ. ඒ නිසා ඒ දේපල ගැන ආණ්ඩුවට වාර්තාව ඕන. එහෙම නොකරන ඒව පවරා ගන්නවා.

දෙවනි එක… මේ වී අඹරලා වෙළෙඳපලට දාන සැලැස්ම තියෙන්නේ ඒ ගොල්ල ලඟ. අප විසින් මොකද කරන්නේ… වී තොග රැස් කරන්න ඕන. අපි මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා කෝටි 500ක් වෙන් කරන්න තීරණය කළා ආණ්ඩුවට වී ගන්න. මෑත කාලයේ තිබුණ වැඩිම මුදල.

හැබැයි ආණ්ඩුවම වී ගන්න ඕන නෑ. ආණ්ඩුව යම් කිසි ප්‍රමාණයක් ගන්නවා. අපි දන්න අපිට පාලනය කළ හැකි වී තොග අපි රැස් කරන්න ඕන. ක්‍රම කීපයක් තියනවා. අපේ ගබඩා තියනවා. අපේ ගබඩා අප දෙනවා වී තොග රැස් කරන්න. එතකොට අප දන්න අපේ පාලනයට යටත් වී තොග.

බැංකුවෙන් ලොන් එකක් දෙනව අඩු පොලියට වී ගන්න. එතකොට ඒ වී තොගය අපි දන්න අපේ සැලැස්මට ගේන්න පුලුවන් වී තොග. එතකොට වී තොග වර්ග දෙකක් තියනවා. එකක් මෝල් හිමියන් ලඟ තියනවා තොග. අපි දන්න… ඒ අයගේ සැලැස්මට නිකුත් කරන.

තව එකක් තියනවා අපි ගාව තියනවා. අපි දන්න තොග තියනවා. අපේ සැලැස්මකට නිකුත් කරනවා. අන්න ඒ යාන්ත්‍රණය හැදුවොත් මේ අර්බුදයෙන් මිදෙන්න පුලුවන්.

ඒ නිසා තව පොඩි දවස් කීපයක් දෙන්නම්. මේ සහල් මිල මේ තියපු උපරිම සිල්ලර මිලෙන් එහා විකුණන්න දෙන්නෙ නෑ. මම එදත් කිව්වා. අපි ලඟ මේක පාලනය කිරීම සඳහා ආම් එකක් නැතිව මේක එක්ක හැප්පෙන්න යන්න බෑ. අපි අපි ගාව මේකට මුහුණ දෙන්න පුලුවන් ආම් හදාගෙන අපි හැප්පෙනවා.

මම අද කියන්නම්. ඒ මෝල් හිමියො තේරුම් ගන්න. ඒ කියන සැලැස්මට ඒගොල්ල ආවේ නැතිනම් හමුදා භාරයට මෝල ගන්නවා. අරගෙන ඒ අයගේ මැනේජර් ඉන්නේ. ඒ ගොල්ලන්ගේ සේවකයො කොටන්නේ. හැබැයි හමුදා භාරයේ තියෙන්නේ. නිකුත් කරන හාල් ප්‍රමාණය හමුදාවට වාර්තා කරන්න ඕන. කඩේට යනකම් හමුදා නිලධාරියෙක් යනවා. ගිහින් කඩේට කීයටද දැම්මේ කියලා වාර්තා කරන්න ඕන. බලමු හැප්පිලා.

මේ මහ කන්නයේ මේක කරනවා. සැලැස්මක් එක්ක මෝල් හිමියන් මේකේ කූඨ ව්‍යාපාර කරනවා කියලා හෙළි වුනොත් අපි ඒක කරනවා. අද ඒගොල්ලන්ට කියන්නෙ. මේ සහතික මිලට සරිලන මිලකට වී ගන්න.

මාධ්‍ය – ප්‍රජාතන්ත්‍රවාදී නෑ වගේ පේනවනේ.
ජනපති – මේ රටේ බතත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය කතා කරලා වැඩක් නෑනේ. මේක ඉතාම සාමකාමීනේ. අපි උපරිම සිල්ලර මිලක් දීල තායනවා. වී වලට සහතික මිලක් අපි ලබා දෙනවා. ඒ වීවල සහතික මිල අපි දෙන්නේ ඒ ගානට අරන් මේ මිලට සහල් දෙන්න පුලුවන් කියන සාධක මැනලා. ඔක්කොම මැනලා. ගෝනියෙ මිල, ලයිට් බිල පොලී අනුපාතික, සේවක පඩිනඩි… ඒ ඔක්කොම දාලා තමයි අපි සහල්වලට සහතික මිල දීලා තියෙන්නෙ. ඒ සහතික මිලට හාල් දෙන්න නම් වී මේ මිලට ගන්න ඕන.

මේ දෙක අතර අපි එකඟතාවයක් ඇවිත් තියනවා. ඒ ගොල්ල මේ වංචාව කරන්නේ ජාතික දේපලක් එක්ක. මේ ප්‍රශ්නය මේ කන්නයෙ දි විසඳනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තව සතියකට පසු වාහන ආනයන වෙළෙඳපල විවෘත වුවත් පර්මිට් සඳහා වාහන ගෙන්වීමට ඉඩක් නෑ… ජනපති කියයි!

Next Post

පාසල් භූමියේ සැඟව සිටි වන අලියෙක් පහර දී පාසල් මිදුල අතුගාමින් සිටි මවක් මරුට…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.