බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ සමාගම්වලින් වැටුප් අරන් ජාතික අපරාධයක් කරන මාධ්‍යකරුවන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සී.අයි.ඩි. යට පැමිණිල්ලක්!

by editor
ජනවාරි 15, 2025
in පුවත්
drug
Share on FacebookShare on Twitter

ඖෂධ සමාගම වලින් මාසිකව වැටුප් ලබන මාධ්‍යකරුවන් සිටින බවත් ඒ සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

නියෝජ්‍ය ඇමතිවරයා අද (15) මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය නිරීක්ෂණයට එක් වූ අවස්ථාවේ දී මාධ්‍ය අමතමිනි. එහිදි නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

“මෙම මාධ්‍යවේදීන් තමන් සේවය කරන ආයතනය වෙනුවට සේවය ලබාදෙන ඖෂධ සමාගම් වලින් වැටුප් ලබනවා. මුදල් වෙනුවෙන් මොවුන් නොයෙකුත් සාවද්‍ය ප්‍රවෘත්ති සමාජගත කරනවා.”

“මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ලබාගෙන ඒවා ඒ මොහොතේදීම ඖෂධ සමාගම් නියෝජිතයින් ගේ අතට පත් කරන බව අනාවරණ්‍ය වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශට අභූත චෝදනා එල්ල කරමින් මඩ ගැසීම මොවුන් ගේ එක් කාර්යභාරයක්. මොවුන් ගේ ප්‍රහාරයනට වැඩිපුර ලක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින නීතියට අනුවම කටයුතු කරන නිලධාරීන් වීම විශේෂයි. ”

“පසුගිය කාලය තුළ ඇතැම් ඖෂධ සමාගම් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් ඖෂධ වර්ග රටට ආනයනය කළා. එය බිඳ දමා සමාගම් කිහිපයකට අදාළ අවස්ථාව ලබාදීමෙන් ඇතැම් ඖෂධවල මිල 200 ගුණයකින් පමණ අඩුකර ගැනීමට හැකි වුණා. ”

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“එලෙස රුපියල් 70000 ට සෞඛ්‍ය අමාත්‍යාංශය මිලට ගත් ඖෂධයක මිල රුපියල් 370 ක් දක්වා පහත වැටුණා. ඒකාධිකාරයක් පවත්වාගෙන යන ඖෂධ සමාගම් වලින් යැපෙමින් ඇතැම් මාධ්‍යවේදීන් සිදු කරන ක්‍රියාව කිසිවෙකුත් අනුමත කරන්නේ නැහැ. ”

“ඒකාධිකාරිය බිඳ දමා සමාගම් කිහිපයකට ඖෂධ ගෙන්වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. ඉදිරියේ දී සැලකිය යුතු ලෙස මෙරට ඖෂධ ගණනාවක මිල පහත වැටේවි. ජනමාධ්‍යවලට බලපෑම් කිරීම හෝ පාලනය කිරීම රජයේ අපේක්ෂාව නොවෙයි. රජයට අයත් මාධ්‍ය ආයතනවලට පවා කිසිදු බලපෑමකින් තොරව නිදහසේ කටයුතු කරන්න අවශ්‍යය පසුබිම උදාකර දී තිබෙනවා.ජනමාධ්‍යකරුවන් වෙනුවට වෘත්තිය තත්ත්වයක් ඇති ආචාරධර්ම ගරු කරන ජනමාධ්‍යවේදීන් රටට අවශ්‍යය යි. ජනමාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍ය සංවිධානද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චිත්‍රපට සංස්ථාව චිත්‍රපට හැදීමට සහ සිනමා ශාලාවලට ලබා දුන් කෝටි 12ක අය කරගත හැකිව තිබූ ණය අය කරගෙන නෑ….

Next Post

ඇල්ල – කොළඹ දුම්රිය  ඊ – ටිකට් අන්තර්ජාලයට මුදා හැර තත්ත්පර 42න් සියල්ල විකිණෙනවා… වැඩි මිලට විදේශිකයින්ට ටිකට් විකිණීමේ ජාවාරමක් ගැන ප්‍රවාහන අමාත්‍යාංශය සීඅයිඩි යට පැමිණිලි කරයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.