අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පලකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු සභා ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු අතුළු කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
මීට පෙර ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ එහි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ද සිදුකළේය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සිදුකළේය.







