දිනසේන රතුගමගේ –
ටී.එන්.ටී.වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සමග මුලතිව් පළාතෙන් අත් අඩංගුවට ගන්නා ලද තරුණයින් දෙදෙනෙකුගෙන් ලද තොරතුරු මත ආරක්ෂක අංශ වලට එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවි ගබඩාවක් සොයා ගැනීමට 29 දා හැකි වී තිබේ.
මුලතිව් පුදුකුඩීඉරිප්පු උඩයාර්කට්ටු කුරුවිල් ප්‍රදේශයෙන් මෙම එල්.ටී.ටී.ඊ. අවි ගබඩාව හමු වී ඇති අතර එහි තිබී පුපුරණ ද්‍රව්‍ය පතරොම් ඇතුළු යුද උපකරණ රැසක් යුද හමුදාව හා පොලීසියද පොලිස් විශේෂ කාර්ය බලකායද ගොඩ ගෙන තිබේ.
මුලතිව් පුදුකුඩීඉරිප්පු නගරයේ දී ටී.එන්.ටී .පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් ළග තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම එල්.ටී.ටී.ඊ. අවි ගබඩාව සොයා ගැනීමට හැකි වී තිබේ.
අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24 ක් හා 26 ක් වන අතර ඔවුන්ව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කොට ලබා ගත් රැදවුම් නියෝගයක් මත ඔවුන්ගෙන් මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය ප්‍රශ්න කරගෙන යයි.