බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිල අඩු කරන්න වෙන්නේ අවුරුදු 03ක් ඇතුළත…

by editor
ජනවාරි 9, 2025
in පුවත්
current-bill
Share on FacebookShare on Twitter

රජය විසින් විදුලි බිල අඩුකිරීම සිදුකරන්නේ වසර 03ක කාලයක් තුළ බව විදුලි බල සහ බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි අද (09) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

ඒ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි. දයාසිරි මන්ත්‍රීවරයා විමසුවේ රජය සියයට 35කින් විදුලි බිල අඩු කිරීම හැකි ඉක්මනින් සිදුකරන බවට ජනාධිපතිවරයා පොරොන්දු දී තිබිය දී විදුලි බිල අඩුකිරීම ප්‍රමාද කරන්නේ කුමන හේතුවක් නිසාදැයි විමසූ අවස්ථාවේ දී ය.

එමෙන්ම ජල විදුලියෙන් සියයට 56ක් විදුලිය උත්පාදනය වෙද්දී, රාජ්‍ය භාණ්ඩාගාරය විසින් විදුලි බල මණ්ඩලයේ ණය පූර්ණ ලෙස අවශෝෂණය කරගෙන තිබිය දී, පසුගිය කාලය තුළ බිලියන බිලියන 167ක් ලාභ ලැබ තිබෙද්දී විදුලි බල පනත උල්ලංඝනය කිරීමින්, මහජන උපයෝගීතා කොමිසමේ නීති රීති උල්ලංඝනය කරමින් විදුලි බිල සංශෝධනය ජූනි මස දක්වා කල් දමලා දමා ඇත්තේ කුමණ පදනමක් මතද යන්නය.

ආසියාවේ වැඩිම විදුලි බිල පවතින්නේ ලංකාවේ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ පොරොන්දුව බොරු කරමින් සියයට 1.2ක් පමණක් විදුලි බිල පහළ දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කරන බවත් මේ ආණ්ඩුව බොරු කියන පච ආණ්ඩුවක් බවත් දයාසිරි මන්ත්‍රීවරයා චෝදනා කළේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඊට පිළිතුරු දුන් විදුලි බල හා බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි පැවසුවේ භාණ්ඩාගාරය විදුලිබල මණ්ඩලයේ ණය මුලුමනින්ම අවශෝෂණය කරගෙන ඇති බව කීම අමුලික බොරුවක් බවය.

“ණය ටික මහා භාණ්ඩාගාරයට අරන් නෑ. ඒක සම්පූර්ණ බොරුවක්. තාම ණය ගෙවනවා. බොරු මත පදනම් වෙලා ප්‍රශ්න අහන්න එපා. ඒ වගේම ඔබ කියන විදුලි බල මණ්ඩලය ලැබූ බිලියන 167ලාභය ඔප්පු කරන්න. කොමිෂන් එකේ නිල ලේඛනයක් ඉදිරිපත් කරන්න. කොහෙවත් එහෙම නෑ. සී.ඊ.බී කිසිම ණයක් රජය පවරාගෙන නෑ. ලාභය බිලියන 41ක් තියනවා. එයත් ණයට උකහාගෙන තමයි මේ ගමන යන්නෙ.”

මේ ආකාරයෙන් විදුලි බිල සියයට 1.2 දක්වා හෝ අඩු කිරීමට යෝජනා කළේ විදුලි බල මණ්ඩලය සියයට 37ක් දක්වා විදුලි මිල වැඩිවීමක් ඉල්ලා සිටියදී බවත් ඇමතිවරයා පැවසුවේය.

“විදුලි බිල අඩු කිරීම ඉක්මනින් කරන්න බෑ. අවුරුදු 03ක් වැනි කාලයකින් තමයි එය කරන්නෙ. විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 332ක් ණයයි. වැඩි මිලට මිලට විදුලිය මිලදී ගණන් තියනවා. අඩුමිලට තමයි පාරිභෝගිකයට ලබා දීලා තියෙන්නේ. ඒවා ණයවශයෙන් එකතු වෙලා තියනවා. පසුගිය රජයන් කළා වගේ අනවශ්‍ය දේශපාලන අභිමතය මුදුන් පමුණුවා ගන්නට විදුලි බිල එහෙ මෙහෙ කරලා වැඩක් නෑ. ඒකට තමයි ජන වරමක් එකක් දීලා තියෙන්නෙ. ”

විදුලි බල මණ්ඩලය ඉල්ලුවේ සියයට 37ක් විදුලි බිල වැඩි කරන්න කියලා. ඒ වැඩි කිරීම කළේ නෑ. විදලිය මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දි පසුගිය රජයන් අත්සන් කළ ගිවිසුම් අනුව අවුරුදු 20 දක්වා ගිවිසුම්ගත වෙලා තියනවා. මේක ස්ථාවර කරගන්න කාලයක් යනවා. අපි නියතවම විදුලි බිල අඩු කරනවා. අවුරුදු 3ක් ඇතුළත එය කරන්නේ. ඊට අවශ්‍ය සැලසුම් සහ ක්‍රියාමාර්ග ගන්නවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උපාය දූතයෙක් යොදවා මදාවි රියදුරන් නිරීක්ෂණය කිරීමට බස් රථ සංගම් විරෝධය දක්වලා….

Next Post

අය – වැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අනිවාර්යයයි… රජය පොරොන්දු වෙයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.