කොවිඩ් මරණ 07 අද දවස තුළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඉන් මරණ තුනක් කොළඹ බල ප්‍රදේශය තුළය.මරණ දෙකක් සිදුවී ඇත්තේ නිවෙස් තුළය.
කොළඹ 2 ප්‍රදේශයේ 50 හැවිරිදි පුද්ගලයෙක්, ගොතටුව ප්‍රදේශයේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මොරටුව ප්‍රදේශයේ 73 හැවිදිි පිරිමි පුද්ගලයෙක්, හලාවත ප්‍රදේශයේ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරුස්ස ප්‍රදේශයේ 51 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 ප්‍රදේශයේ අවුරුදු 90ක කාන්තාවක්, මරදාන ප්‍රදේශයේ අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙති.
කොවිඩ් ආසාදනයෙන් මේ වනවිට මේ රටේ මිය ගිය පුද්ගලයන් ගණන 116කි
ඒ පිළිබඳව රජයේ නිවේදනය පහත දැක්වේ.








