ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක පත් කරනු ලැබ ඇත.
රාජ්ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ , මහාචාර්ය ජෝසප් යෝගරාජා (Stanislaus Joseph Yogarajah) සහ ලරීනා අබ්දුල් හක් (Lareena Abdul Haq) පත් කර තිබේ.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (06) පිරිනැමිණි.







