පසුගිය වසරේදී ශ්රි ලංකාව ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්දෙන් ලබන ආදායම ඊට පෙර වසරට සාපේක්ෂව සියයට සියයකින් එනම් දෙගුණයකින් වැඩි කර ගැනීමට හැකියාව ලැබී ඇති බව දේහීය ආදායම් දෙපාර්තමෙන්තුව සදහන් කරයි. ඒ අනුව 2023 වසරේදී රුපියල් කෝටි 742.2ක් වූ සූදු සහ ක්රිඩා බදු ආදායම 2024 වසරේදී රුපියල් කෝටි 1492ක් දක්වා වැඩි වී ඇත.
පසුගිය වසරේදී මෙම බද්ද යටතේ කැසිනෝ ආයතනවලින් අය කර ගනු ලබන වාර්ෂික ගාස්තුවල සංශෝධනයක් සිදු කෙරුණු අතර 2015 වසරේ දි මේ කැසිනෝ බලපත් සදහා අය කෙරුණු රුපියල් කෝටි 20ක බලපත්ර ගාස්තුව කෝටි 50ක දක්වා වැඩි කිරීමට රජය 2023 අගෝස්තු මාසයේදී කටයුතු කළේය. ඊට අමතරව කැසිනෝ සමාජ ශාලාවකට යන සෑම පුද්ගලයකුගෙන්ම ඩොලර් 50ක ඇතුළත් වීමේ ගාස්තකුවක් අය කිරීම ටද තීන්දු විය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ තත්ත්වය හමුවේ සූදු සහ ක්රිඩා බද්දෙන් දෙගුණයකට වැඩි ආදායමක් ලැබූ බවය.
මීට අමතර ව අගය වැඩි කළ බද්ද හෙවත් වැට් බද්දෙන් ලද ආදායමද 2024 වසරේදී 2023 සාපේක්ෂව දෙගුණයකට ආසන්න මට්ටමකට වැඩි කර ගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වී ඇත. ඒ අනුව 2024 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට් බදු ලෙස රුපියල් කෝටි 71468.4ක් එකතු කරගෙන ඇති අතර 2023 වසරේදී එකතු කර ගත හැකිව තිබුණේ රුපියල් කෝටි 46910.7කි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ඉහළම බදු මුදල් එකතු කිරීමද 2024 වසරේදී වාර්තා කළ බව එම දෙපාර්තමේන්තුව පවසන අතර ඒ අනුව සමස්ත බදු ආදායම ලෙස කෝටි 102320.7 උපයා ඇත. 2023 වසරේදී එම දෙපාර්තමෙන්තුව සමස්ත බදු ආදායම ලෙස උපයාගෙන ඇත්තේ රුපියල් කෝටි 910109.7ක මුදලකි.







