කීර්ති ප්රනාන්දු –
ඉකුත් නත්තල් සහ අලුත් අවුරුදු සමය තුළ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි භාණ්ඩ අලෙවිය සියයට 50% කින් බිඳ වැටුණු බව සමස්ත ලංකා ගිණිකෙළි භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්රනාන්දු පවසයි .
වෙනත් වසර වල නත්තල් සහ අලුත් අවුරුදු සමය තුළ ගිනිකෙළි භාණ්ඩ අලෙවිය ඉතා ඉහළ මට්ටමක සිදුවූ බවද ඔහු කියා සිටී .
එහෙත් මෙවර උත්සව සමයේදී ගිනිකෙළි භාණ්ඩ අලෙවිය බිඳවැටීම හේතුවෙන් නිෂ්පාදකයින් සිය නිෂ්පාදන වියදම හෝ පියවා ගැනීම සඳහා ඉතා අඩු මිලට රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි භාණ්ඩ අලෙවි කිරීමට පියවර ගෙන තිබූ බවද සභාපතිවරයා පැවසීය .
ඉකුත් මැතිවරණ සමයේ සිට රතිඤ්ඤා ඇතුළු ගිනිකෙලි භාණ්ඩ නිෂ්පාදකයින් තම නිෂ්පාදන අලෙවි කර ගත නොහැකිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව පෙන්වා දෙන දිනේෂ් ප්රනාන්දු මැතිවරණ කාලයේ දී අලෙවි කිරීමට නිෂ්පාදනය කරන ලද රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි භාණ්ඩ විශාල තොග තවමත් නිෂ්පාදනාගාරයන්හි ගොඩ ගසා ඇති බව ද පැවසීය







