බීබීසී –
තමන් බලයට පත් වී පළමු දින 100 තුළ ඉටු කරන බවට පොරොන්දු වූ කරුණු වලින් වැඩි ප්‍රමාණයක් ඉටු කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති නමුත් ඇතැම් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් ඇති ආකාරය නිරීක්ෂණයවන බව බීබීසී ය ප්‍රකාශ කරයි.
එමෙන් කිසිසේත් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ පොරොන්දු ප්‍රමාණයක් ද ඇති බව බිබීසිය පෙන්වා දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ජනාධිපතිවරණයට පෙර පැවති සම්මුඛ සාකච්ඡාව මුල් කරගෙන බීබීසි ය මෙම කරණු දැක්වීම ඉදිරිපත‍් කර තිබේ.
ජනාධිපතිවරණයට පෙර බීබීසී සම්මුඛ සාකච්ඡාවේදී ඉදිරිපත් කළ කරුණු අනුව ඉදිරිපත කළ ප්‍රධානම වැඩ සැලැස්ම මෙසේය.
- බලය තහවුරු කරගැනීම – ඉටු කර තිබේ
- පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගැලපෙන පාර්ලිමේන්තුවක් පිහිටුවීම – ඉටු කර තිබේ
- නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම – අධිකරණ පද්ධතියේ වෙනස්කම් සිදු කර තිබේ
- දැනටමත් අධිකරණය විසින් ලබා දෙනු ලැබ ඇති තීන්දු ක්‍රියාත්මක කිරීම – ඇතැම් තීන්දු ක්‍රියාත්මක කර තිබේ
- පීඩිත ජනතාවට සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම
– ක්‍රියාත්මක වෙමින් පවති
කඩිනමින් ඉටු කරන බවට ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබූ කරුණු
- ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා කඩිනමින් ඉවත් කිරීම – ඉටු කර නැත
- යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් බලාත්මක කිරීම – ඉටු කර නැත
- රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට කඩිනමින් රාජ්‍ය සේවයේ රැකියා ලබා දීම – ඉටු කර නැත
- හිඟ බදු කඩිනමින් අය කරගැනීම – ක්‍රියාත්මක වෙමින් පවතියි
- මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට ඇති බාධා ඉවත් කිරීම සඳහා කාර්යක්ෂම හා කඩිනම් ක්‍රමවේදයක් – ඉටු කර නැත
- පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාවල නිර්දේශ අනුව අදාළ දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම – ක්‍රියාත්මක වෙමින් පවතියි
- කලක් තිස්සේ නොවිසඳුණු මාධ්‍යවේදීන්ගේ, ක්‍රීඩකයන්ගේ දේශපාලන ඝාතන සහ පැහැරගැනීම් පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කර අපරාධකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම – ක්‍රියාත්මක වෙමින් පවතී







