පිටකෝට්ටේ ප්‍රදේශයේ අවහන්හලක් තුළ පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් අල්ලසක් ලෙස ලබා ගැනීමට උත්සාහ කිරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (27) අත් අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රී සලෝචන ගමගේ සහ දුෂාන්ත දිනේෂ් රත්නායක නැමැති පුද්ගලයින් දෙදෙනා එළඹෙන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
සැකකරුවන් දෙදෙනා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පිටකෝට්ටේ අවන්හලක් තුළදී ගනුදෙනුව සිදුවන අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
කුරුදුවත්ත පොලිස් වසමේ ටොරින්ටන් මාවතෙහි පිහිටා ඇති පුද්ගලික ඉඩමක් මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගත් පසු එම ඉඩමේ වටිනාකමට හිමි කෝටි දහයකට ආසන්න මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබා ගැනීම සඳහා සලෝචන ගමගේ සහ දුෂාන්ත දිනේෂ් රත්නායක යන පුද්ගලයින් දෙදෙනා ඉඩමට හිමිකම් කී පාර්ශවයක් වෙත උදව් කර තිබේ. ඒ සඳහා මුදල් ලබා ගැනීමේ දී මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොලිසිය පැවසුවේය සැකකරුවන් දෙදෙනා සම්බන්දව වැඩිදුර තොරතුරු සොයා බැලිමේදි සලෝචන ගමගේ යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ සොහොයුරකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවය. පුද්ගලයින් දෙදෙනාම ඉඩම් ව්‍යාපාරවල නිරතවන අය බව ද පොලිසිය පවසයි.







