හදිසි රෝගී හේතුවෙන් ඊයේ (26) රාත්‍රියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ වියපත් මවක් දැඩි සත්කාර ඒකකයට යොමු කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරයෙක් ගෙන්වා ගත නොහැකි වීම හේතුවෙන් නිරපරාදේ මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ විදේශිය පදිංචිව සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගේ මවක් වීම ද විශේෂය.
රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරු 04 දෙකෙන් සිටිය ද ඔවුන්ගෙන් එක් අයෙක්වත් අදාල වස්ථාවේ දී රාජකාරිය සඳහා ගෙන්වා ගැනීමට නොහැකි වීම මේ නිරපරාද මරණයට හේතු වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ පිළිබඳ විමසීමට රෝහල් අධ්යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට ලංකාසර අවස්ථා කීපයක දී දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේය.
මේ ආකාරයෙන්ම මීට සතියකට ඉහත දී දරුවෙක් ද මිය ගොස් තිබුණේ ද විද්‍යාත්මක නොවන සැත්කම් සැලසුම සහ අවශ්‍ය මොහොතේ විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරයෙකුගේ සේවය නොලැබීම හේතුවෙන් බව කියැවිනි.
දරුවාගේ මරණය සිදුවන සැත්කම පවත්වාගෙන ගිය අවස්ථාවේ රාජකාරියේ රැඳී සිටිය යුතු නිර්වින්දන වෛද්‍යවරුන් සිවු දෙනාගෙන් දෙදෙනෙක් ඒ අවස්ථාවේත් රෝහල තුළ රැඳී සිට නැත.







