හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ISIS ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ බුද්ධි තොරතුරක් ඇතැයි පවසන පොහොට්ටුවේ කොළඹ දිස්ත්‍රික් උප සභාපති නීතිඥ මනෝජ් ගමගේගෙන් එම තොරතුර ලැබුණ ආකාරය සම්බන්ධව ප්‍රශ්න කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල පැවසුවේය.
ඊයේ (26) දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ ශ්‍රි ලංකා රජයේ බුද්ධි අංශ වෙත එවැනි තොරතුරක් ලැබී නැති බවත් මේ තොරතුර ලැබුන ආකාරය විමසීම රටටත් වැදගත් බවත්ය.
එමෙන්ම ඇමතිවරයා පෙන්වා දුන්නේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වන්නේ නම් ඒ ප්‍රහාරය වැලැක්වීමට ටී 56 සහිතව හමුදා නිලධාරීන් කොපමණ ප්‍රමාණයක් යෙදවූවත් පලක් නොවන බවය. එය ව්‍යර්ථ කළ යුත්තේ වෙනත් ආරක්ෂක වැඩපිළිවෙළක් මගින් බවය. එබැවින් යමක් ප්‍රකාශ කරන විට සිහි බුද්ධියක් සහිතව එම ප්‍රකාශ කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙත්ත නිතිඥ මනෝජ් ගමගේ බුද්ධි වාර්තා බව කියන ලේඛන මාධ්‍යයට දක්වමින් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ISIS සංවිධානය විසින් බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රාරයක් එල්ල කිරීමේ වාර්තාවක් ඇති බවය.







