බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හබරණ කැබ් රථය තුළ පිලිස්සී මිය ගියේ දෙකටන ව්‍යාපාරිකයා දැයි සොයන්න ඩී.එන්.ඒ. පරීක්ෂණයක්!

by editor
දෙසැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගය ආසන්නයේදී ගිනිගෙන විනාශ වූ කැබ් රථය තුළ තිබූ පිලිස්සි මියගිය පුද්ගලයා බියගම පදිංචි කෝටිපති ව්‍යාපාරිකයා දැයි තහවුරු කර ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් පැවැත්වීමට පොලීසිය සුදානම් වෙයි.

මින්නේරිය – හබරණ ප්‍රධාන මර්ගයේ බටුඔය 38 කණුව ආසන්නයේ මීරිගම, දෙකටන ප්‍රදේශයේ සිට මින්නේරිය දෙසට ධාවනය වූ කැබ් රථයක් ගිනිගෙන විනාශ වී තිබිය දී ඊයේ (27) හමුවිය.

ගිනි ගත් කැබ් රථයේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි විතාන හපුතන්ත්‍රිගේ සුනිල් නමැති අවුරුදු 62ක් පමණ වයසැති පුද්ගලයකු පැමිණ ඇති බවත්, කැබ් රථය ගිනි ගැනීමෙන් පසු ඔහු අතුරුදන්ව ඇති බවත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන මින්නේරිය පොලීසියේ නිලධාරියෙක් සඳහන් කළේය. ගිනි ගත් කැබ් රථය තුළ පිලිස්සුණු පුද්ගලයකුගේ මළ සිරුරක් ද පොලිස් නිලධාරීන් විසින් හඳුනාගෙන තිබිණි.

කැබ් රථය පදවාගෙන පැමිණි සුනිල් නමැති පුද්ගලයා පෙරේදා (25) උදෑසන නිවෙසින් පිටව ඇතැයි ඔහුගේ පුතකු ඊයේ (26) උදෑසන සිද්ධිය වූ ස්ථානයට පැමිණ ප්‍රකාශ කර තිබේ. ගිනිගෙන ඇති කැබ් රථය තම පියා පැමිණි කැබ් රථය බවට ද ඔහු හඳුනාගෙන ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මෙම කැබ් රථය ගිනි ගත්තා ද, ගිනි තැබුවා ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවත්, මියගොස් ඇත්තේ කැබ් රථයේ පැමිණි සුනිල් නමැත්තා ද, වෙනත් පුද්ගලයකු ද යන්න සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ද සිල්වා සඳහන් කළේය.

මෙම පුද්ගලයා බියගම ප්‍රදේශයේ සිය පුතා සමඟ ජීවත්ව සිට ඇති අතර බිරිය ජීවත්ව සිට ඇත්තේ දියණිය සමඟය. මේ පුද්ගලයා වරක් අධි රුධිර පීඩනයට භාවිත කරන බෙහෙත් පෙති 150ක් පමණ බී සිය දිවි නසා ගැනීමට උත්සහා දරා ඇතැයිද පොලීසිය කියයි.

එමෙන්ම නිතරම තමන් දිවි නසා ගන්නා බවට පවසමින් සිට ඇති අතර මම මැරෙන්නේ උඹලා එකෙක්ටවත් මගේ මිනියවත් බලන්න බැරි වෙන්න යැයි නිතර පවසා ඇතැයිද පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.

මොහු ඉන්ධන භාවිත කර සැලසුම් සහගතව ගිනි තැබීමක් සිදු කර ඇද්දැයි පොලිසීය සැක කරන අතර මේ නිසා ඩී.ඒන්.ඒ. පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇත.

මීට වසර කිහිපයකට පෙර හබරණදී විදේශීය පුද්ගලයකු මේ ආකාරයෙන්ම කාරයක් තුළ පිලිස්සී මිය ගොස් සිටියදී සොයා ගැනුණු අතර පසුව කරන ලද විමර්ශනවලදී සොයා ගැනුණේ මිය ගොස් ඇත්තේ කාන්තාවක් බවයි. ඒ අනුව සිදු කළ විමර්ශනවලදි මේ පුද්ගලයා සිය රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණෙන් වෙනත් මිනියක් වාහනයට දමා ගිනි තබා ඇතැයි සොයා ගැනීමට හැකියාව ලැබිණි. එම මළ සිරුර කාන්තාවකගේ බව සොයා ගැනීමට හැකියාව ලැබී තිබුණේ අස්ථි කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කර විමර්ශනයක් කිරීමෙන් පසුවය. මේ අනුව ඊයේ මෙම කැබ් රථය තුළ ගිනිගෙන මිය ගොස් තිබුණේ බියගම ව්‍යාපාරිකයාම දැයි සොයා බැලීමට ඩී.ඒන්.ඒ. පරීක්ෂණයක් කිරීමට පොලීසිය තීරණය කර ඇත.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ද සිල්වා, හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරී, සුදත් අස්මඩලේ ගේ උපදෙස් පරිදි මින්නේරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මෙම අබිරහස් මරණය හා කැබ් රථය ගිනි ගැනීම පිළිබඳ පරීක්ෂණ පවත්වයි. ( දිනමිණ )

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි සැර වද්දා තවත් වන අලියෙක් මරා දමයි…

Next Post

හිටපු ජනාධිපති මහින්දට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරන බවට පලකළ අමුතු තොරතුර ගැන අහන්න නීතිඥ මනෝජ් ගමගේ පොලිසියට ගෙන්වන්න යයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.