බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් කථානායක… පොලොන්නරුවේ ජගත් වික්‍රමරත්න ගැන නොදත් කතාව….

by editor
දෙසැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

කථානායක අශෝක රන්වලගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධූරය සඳහා ශ්‍රී ලංකාවේ 23 වන කතා නායකවරයා ලෙස දිවුරුම් දුන්නේ අයි.ඩබ්ලිව්,එම්. ජගත් වික්‍රමරත්නය. දැන් අපේ නව කථානායකවරයා ඔහුය.

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වූ ඔහු පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු වෛද්‍ය උපාධිය ලබා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි. ජගත් වික්‍රමරත්න වෛද්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලැබූ  විද්වත් වෘත්තිකයෙකි.

අතීත විත්තිය

පොළොන්නරුව හිඟුරක්ගොඩ රෝහලේදී 1968 පෙබරවාරි 02 උපත ලබා ඇති ජගත් වික්‍රමරත්න , පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනකුගේ පවුලේ දෙවෙනි පිරිමි දරුවා විය.

පොළොන්නරුව ගල්අමුණ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති වික්‍රමරත්න මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරමින්, පේරාදෙණිය වෛද්‍ය පීඨයේදී 1990, වසරේ සිට 1996 දක්වා වෛද්‍ය විද්‍යාව හදාරා 1997 සිට 1998 සීමාවාසික වෛද්‍ය නිලධාරියෙකු ලෙස, මහනුවර ශික්ෂණ රෝහලේ සේවය කර ඇත. අනතුරුව, කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිය ද ඔහු විසින් ලබා තිබේ.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ජගත් වික්‍රමරත්නගේ බිරිදද ,පොළොන්නරුව මහ රෝහලේ හෙද නිලධාරීනියක ලෙස කටයුතු කරන්නීය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

වෘත්තීය සුදුසුකම්

විෂය ක්ෂේත්‍රයට අයත් දෙස් විදෙස් පාඨමාලා හා පුහුණු, වැඩසටහන් රැසකට සම්බන්ධ වී ඇති වෛද්‍ය ජගත් වික්‍රමරත්න 2017 සිට 2019 දක්වා – අනුරාධපුර, ශික්ෂණ රෝහලේ ,නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසත්, 2019 සිට 2024 අප්‍රේල් දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙසත්, එතැන් සිට පොළොන්නරුව ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු රෝග විශේෂිත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කර තිබේ.

පුරා වසර විසි හයක කාලයක් කීර්තිමත් වෛද්‍යවරයකු ලෙස මහජනතාවට සුවිශාල සේවයක් කර ඇති වෛද්‍ය ජගත් වික්‍රමරත්න පොළොන්නරුව ජාතික රෝහලේ ද වෛද්‍ය වෘත්තියේ විවිධ අංශ නියෝජනය කරමින් කටයුතු කළ නිහතමානී අවංක සේවාවක් ඉටු කරන වෛද්‍යවරයෙකි.

මෙවර මහ මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ඔහු මනාප 51,391 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්ව, දහවන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය.

කථානායක ධූරය

කථානායක අශෝක රණවල ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධුරයට ජගත් වික්‍රමරත්නගේ නම යෝජනා වී තිබුණු අතර එය ජනාධිපතිවරයාගේ ද අනුමැතිය සහිතව පක්ෂය තුළ සිදුවන ඒකමතික තෝරා ගැනීමක් බව බීබිසී ය අද වාර්තා කර තිබුණේය, අද ( 17 ) රැස්වූ පාර්ලිමේන්තුවේදී, නව කතානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්නගේ නම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කළ අතර සභානායක අමාත්‍ය බිමල් රත්නායක ස්ථිර කළේය.

ඒ අනුව මෙරට පාර්ලිමේන්තුවේ ජගත් වික්‍රමරත්න 23 වෙනි කතානායකවරයා ය. පොළොන්නරුව ඉතිහාසයේ තේරීපත් වූ පළමු කථානායක වාරයාද ඔහුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආරක්ෂාව අඩු කළේ නෑ… ප්‍රමිතිගත කළා… බල්ලො නාවන්නත් යොදවපු හමුදා සෙබළු ඉවත් කරනකොට කිපෙන්න එපා… මහජන ආරක්ෂක ඇමති!

Next Post

පාර්ලිමේන්තුවේ දී පතුරු ගිය අජිත් පී ගේ සහ කිරිකෝඩු කිරිඇල්ලගේ අධි නීතිඥකම!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.