සූරියවැව – නුවන් ජයසේකර –
-
සමහර මහා පරිමාණ වී තොග හිමිකරුවන් ලඟ වී මෝලක්වත් නෑ… ඔවුන් කරන්නේ වී එකතු කරන එක
-
ඔවුන් ජාවාරම පටන් ගන්නේ සුළු හා මධ්‍ය පරිමාන මෝල් හිමියන් ලඟ තියන වි තොග සහල් වෙලා වෙළෙඳපලට යවලා ඉවර වුනාට පස්සේ…
-
වැඩි මිලට වී අරන් ගබඩා කරගෙන අධික මිලට හාල් විකුණමින් මිල පාලනය විහිලුවක් කරන මෝල්ලුන් මඩින්න වී මිලදී ගැනීමටත් ගොවියාටත් ව්‍යාපාරිකයාටත් සාධාරණ පාලන මිලක් තිබිය යුතුයි…
“මේ රටේ කිසිදු සහල් හිඟයක් නෑ. මහ මෝල් කාරයෝ හා වී තොග සගවාගෙන සිටින අය ව්‍යාජව සහල් හිගයක් මවා පාමින් ඉන්නවා. ජනතාව සහල් නැති වේවි කියලා බයට හාල් දැක්ක තැන මිළදි ගන්න පුරුදු වෙලා. වෙනදා සතියට හාල් කිලෝ පහ ගෙනිච්ච කෙනත් දැන් හාල් වැඩි වශයෙන් මිළදි ගෙන ගෙදර එකතු කරගන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මහ මෝල්ලුන්ගේ ගැට වලට හසුවෙන්න එපා. මෙහෙම ගියොත් තෙල් වලට ගෙනාවා වගේ හාල් වලටත් QR එකක් ගේන්න වෙනවා” තිස්සමහාරාම සහල් නිශ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එච්.ගාමිණි පවසයි.
සහල් හිගය පිළිබදව අපි කළ විමසීමකදී ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා මේ බව පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක් ඔහු මෙසේද පැවසිය.
මහ මෝල් ජාවාරම
“හැමදාමත් ලංකාවේ සහල් මිල වි මිල තීරණය කළේ මහ මෝල් හිමියන් දෙතුන් දෙනෙක් විසිනුයි. ඒ අයට මොන මිළ පාලන දැම්මත් වැඩක් වුණේ නෑ. හැම ආණ්ඩුවකටම සිදු වුණා ඒ අය කියන මිළ ගණන් යටතට එන්න. මේ පාර වුනත් රුපියල් 10කින් හාල් මිල වැඩි කරගන්න ඒ අයට පුළුවන් වුණා. ”
“සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සහල් නිශ්පාදකයින් හැමදාමත් මිළ පාලනයට යටත්ව තමයි වි මිළදි ගැනීම සිදු කළේ. නමුත් මහ මෝල්ලු මිළ පාලනයට ඉහළ ගිහින් වැඩි මිළට රටේ තියෙන වි ටික මිළදි අරගෙන ගබඩා කර ගන්නවා. එහෙම වුණාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වී මිළදි ගන්නේ ඉතා අඩු වශයෙන්. මොකද වැඩි මිළට වී මිළදි අරගෙන මිළ පාලනයට යටත්ව සහල් විකුණන් බැරි නිසා.”
“මේ වෙනකොටත් වෙළඳ පොලට 60%කට වැඩිප්රමාණයක් හාල් දෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසිනුයි. මේ අය සන්තකයේ විශාල ප්‍රමාණයේ වී තොග නෑ. සුළු හා මධ්‍ය පරිමාණ අය මිළදි ගන්න වි ටික දිනපතා කොටලා වෙළඳ පොලට නිකුත් කරනවා. මේ අතරේ වී තොග මහා පරිමාණයෙන් රැස් කරලා තියාගෙන ඉන්න අය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ වි තොග ඉවර වෙනකොට තමයි එයාලා වි තොග එළියට දමන්න පටන් ගන්නේ. ඔය වී තොග තියාගෙන ඉන්න සමහර අය ලඟ මෝල්වත් නෑ.
මහ මෝල්ලු වැඩේට බහින්නේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ වී ටික ඉවර වුනාම
ඉතින් මේ මහ මෝල්ලු සහ වී තොග කාරයො සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ලඟ තියෙන වී ටික ඉවර බව දැනගත්ත ගමන් මේ හාල් ජාවාරම පටන් ගන්නවා.ඔවුන්ට හිතෙන හිතෙන මිළ ගනන් යටතේ හාල් විකුණන්න පටන් ගන්නවා. මේක ජාවාරමක්.
දැන් මේ වෙනකොටත් වෙළද පොල තුළ තියෙන්නේ කෘතීම සහල් හිගයක්. මෙහෙම් කෘතිම සහල් හිඟයක් පෙන්නලා එක සැරේම මහ මෝල්කාරයේ සහල් මිල ඉහළට ගන්නවා. ඒ කරලා එයාලා ලඟ සගවාගෙන ඉන්න වි තොග එයාලා සහල් කරලා වැඩි මිලට එලියට දමලා විශාල ලාභයක් ලබනවා. මේ මහ මෝල් කාරයෝ කිසිම තැකිමක් කරන්නේ නෑ මිළ පාලනය පිළිබදව. ඒක හැමාදාම එහෙම තමයි. මේ වතාවේ වුනත් සිදු වුනේ ඒකම තමා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ වි තොග ඉක්මනින්ම ඉවර වුණා. ඉතින් එත් එක්කම මහ මෝල් කාරයෝ එයාලගේ වී තොග එළියට දැම්මේ සහල් මිල වැඩි කරගෙන.
හාල් මිල වැඩි වෙලා කාලයක් යනකම්ම පාරිභෝගික අධිකාරියත් කටවහගෙන බලාගෙන හිටියා. ඉතින් ඒ කාලේ මේ මහ මෝල් කාරයෝ ටික හා වි තොග සඟවාගෙන හිටිය අය විශාල ලාභයක් ලැබුවා. මෙහෙම යද්දි තමයි ජනාධිපති තුමා මෝල් හිමියන් සමග සාක්ච්ජාවක් පැවැත්තුවේ. ඒකෙදි වුනේ තිබෙන හාල් මිලට තව රුපියල් 10ක් මෝල් හිමියන් එකතු කර ගත්ත එක. ඒකෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා කබලෙන් ලිපට වැටුණා. නමුත් ඒ පාඩුවත් දරාගෙන තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මිනිස්සුන්ට බත් ටික කන්න හාල් ටික වෙළද පොලට දැම්මේ.
මේ මාෆියාව දැන්වත් නැවැත්විය යුතුයි.
ඉතින් හැමාදාම මේ රටේ හාල් මිල වගේම වී මිලත් තීරණය කරන්නේ මෝල් හිමියන් කිප දෙනෙක් විසින්. මේක රජය විසින් නැති කළ යුතුයි. වී අස්වනු නෙලන කාලෙට මේ මහ මෝල් හිමියන් වැඩි මිළ ගනන් යටතේ මහා පරිමාණයෙන් වි අරගෙන එකතු කරලා තියා ගන්නවා. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මිල පාලනයට යටත්ව වි මිළදි ගෙන ඒවා ගබඩාවල හංගගෙන ඉන්නේ නැතිව වෙළද පොළට දමනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ විතරක් හාල් මිල සම්බන්ධයෙන් ගැසට් 12ක් ගැහුවා. ඉන් සහන සැළසුනේත් ජනතාවට නෙමේ මහ මෝල් හිමියන්ට විතරයි. ඊට ඉස්සරත් එහෙම තමයි. දැන්වත් මේක නැවතිය යුතුයි.
මේ සදහා රජය මැදිහත් විය යුතුයි.එහෙම නොවුනොත් මේ රටේ බත් කන මිනිස්සුන්ට වේල් තුනක් වෙනුවට බත් කන්න වෙන්නේ එක වේලක් විතයි. සහල් නැ කියන නිසාම අපි පසුගිය දින මාතර නගරයේදි පාලන මිලට සියළුම සහල් බෙදිම සිදුකළා… මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අසලට අපි පසුගිය දින සහල් කිලෝ 30,000ක් අරගෙන ගියා. ඇත්තට මිනිස්සු ඇවිත් පාලන මිලට සහල් මිළදි ගත්තා එහිදී. ඒ වගේම 16 දිනත් බෙලිඅත්ත නගරයේදි පාලන මිලට සහල් අලෙවි කිරිමක් අපි විසින් සිදු කළා. එයත් ඉතාමත් සාර්ථක වුණා. මේ සදහා අපිට පොලිස් ආරක්ෂාව පවා ලබා දුන්නා.
ඉතින් අපි රජයෙන් ඉල්ලන්නේ පාලන මිලට සහල් දෙන්න බැරි කමක් නෑ. ඒක කරන්න නම් මහා පරිමාණ මෝල් හිමියන් කරගෙන යන ජාවාරම නැවැත්වීමට කඩිනමින් පියවර ගන්න ඕනි.සගවාගෙන සිටින වි තොග එළියට ගන්න වැඩි පිළිවෙලක් ඕනී. එහෙම් නැතිව පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් එක තැනක් දෙතැනක් පරික්ෂා කිරීමෙන් හෝ පුංචි පුංචි කඩ අස්සේ ගිහින් පරික්ෂා කිරිම් කරලා මේ හාල් ප්රශ්නය විසඳන්න බෑ…







