සූරියවැව නුවන් ජයසේකර –
තණමල්විල පොලිස් බළ ප්‍රදේශයට අයත් සෑම වසමක්ම ආවරණය වන පරිදි ගම්මුන් 100 දෙනෙකුගෙන් යුතු මත්ද්‍රව්‍ය හා දූෂණ පිටු දැකීමේ විශේෂ කමිටුවක් තණමල්විල පොලිසිය විසින් ආරම්භ කර තිබේ.
මේ අනුව මේ සදහා සෑම වසමකින්ම තරුණ හා වැඩිහිටියන් 10 දෙනා බැගින් ස්වේච්චාවෙන්ම ඉදිරිපත්ව ඇත. පසුව මෙම පිරිස තණමල්විල පොලිස් ස්ථානයට ගෙන්වා ඔවුන්ව දැනුවත් කිරිම සිදුකළ අතර ඔවුන් සියළුම දෙනා එකතු කර වෙනම වට්ස්ඇප් ගෘප් එකක්ද නිර්මාණය කර තිබේ.
සිය ප්‍රදේශයේ කිසියම් නිති විරෝධී කටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබදව වහාම පොලිසිය දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙසට පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පිරිසට උපදෙස් දි තිබේ. ගම්මුන්ගේ සහායක් නොමැතිව පොලිසියට පමණක් ප්‍රදේශයේ සිදුවන අපරාධ හා අපචාර වැළැක්විය නොහැකි බව පෙන්වා දුන් තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී.බණ්ඩාර පැවසුවේ ගම ආරක්ෂා කර ගැනීමේ වගකිම ගම්මුන්ටද තිබිය යුතු බවයි.
කිසියම් නීති විරෝධී කටයුත්තක් වැටලිමකට පොලිසිය ගමට එන විට ගමේ අයම එකතු වී ජාවාරම් කරුවන්ට ඔත්තු දෙන තත්වය වෙනස් විය යුතු බවත් ගම්මුන් එවැනි අවස්ථාවක කළ යුත්තේ පොලිසියට සහාය දි ගම එම අපරාධවලින් බේර ගානීම බවත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසුවේය.
එබැවින් සිය ප්‍රදේශය සියළුම දෙනාට ආරක්ෂිත ප්‍රදේශයක්,මත් ද්‍රව්‍ය ජාවාරම් නැති ප්‍රදේශයක් හා අපරාධ අවම ප්‍රදේශයක් බවට පත් කර ගැනීමේ වගකිම ගම්මුන් සියළුම දෙනාටත් ඇති බව ඔහු පෙන්වා දුන්නේය







