-
රනිල් කාංචනව ජාතික ලයිස්තුවට තෝරද්දි ෂර්මිලා ෆයිසර්ගේ නම මැතිවරණ කාර්යාලයට යවලා… මේක දේශපාලන හොරකමක්… වජිර නිවේදනයක් නිකුත් කරමින් පවසයි…
රවී කරුණානායක සොරා ගත් සේම ගෑස් සිලින්ඩරයේ ඉතිරි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ෆයිසර් මුස්තාෆා විසින් සොරාගෙන ඇති බවත් ෆයිස්ර් මුස්තාපා ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට නම් කර මැතිවරණ කොමිසමට යවන්නට නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම් නීතිඥ ෂර්මිලා පෙරේරා කටයුතු කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් කාංචන විජේසේකර ඒ සඳහා නම් කර තිබියදී බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.
පක්ෂයේ හවුල්කාර පක්ෂ ගණනාවක් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව අද (10) දහවල් වනවිට කාංචන විජේසේකර ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා ලෙස පක්ෂ නායකත්වය විසින් නම් කර ඒ බව කතානායකවරයාට ද දැනුම් දී ලිපිය පක්ෂ ලේකම් ෂර්මිලා පෙරේරා වෙත යොමු කරන අතරවායේ දී ෆයිස්ර් මුස්තාපා ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා ලෙස නම් කර ඇය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යවා ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ඒ වනවිට නිමල් ලංසාගේ නව සන්ධානය නිමල් ලංසාගේ අත්සනින් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුමින්ද දිසානායකගේ අත්සනින් ද, පොදු ජන එක්සත් පෙරමුණ ලසන්ත අලගියවන්නගේ අත්සනින් ද යුතුව ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ෆයිසර් මුස්තාපා වෙත ලබා දෙන ලෙස වෙන වෙනම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීම් කර තිබිණි.
එක්සත් ජාතික පක්ෂය විසින් ඒ සම්බන්ධව නික්තු කර විශේෂ නිවේදනය පහත දැක්වේ. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයින්ගේ අනුමැතියකින් තොරව ජාතික ලයිස්තු මන්ත්‍රීධූර පිරවීම දේශපාලනික හොරකමක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මේ වනවිට මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇත.
විශේෂ නිවේදනය
ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතාවලට එළැඹියේය.
ඒ අනුව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම්ගත වීමට තීරණය කෙරිණි.
එම පෙරමුණේ ලේකම්වරිය ලෙස ෂර්මිලා පෙරේරා මහත්මියට අදාල එකඟතා ඇතුළත් ගිවිසුම් බාර දෙන ලදී.
අද වන තෙක් ගිවිසුම්වල පිටපත් හවුල්කාර පක්ෂ කිසිවකට ලබාදී නැත. ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් කටයුතුකර නැත.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින්ය. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැත.
එම තීරණය උල්ලංඝනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමකි. දේශපාලන හොරකමකි.
රවී කරුණානායක මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත්කර තිබේ. කමිටු වාර්තාව ලැබුණු පසු නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.
ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.







