බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කොටි බොරු” කී කැළුම් හර්ෂණට ත්‍රස්ත පනතින් චෝදනා ගොනු කරන්න බැරි බව අධිකරණය කියයි…

by editor
දෙසැම්බර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • ත්‍රස්ත පනත දාගෙන සී.අයි.ඩි ය ආණ්ඩුවත් නෝන්ඩි කරයි… චූදිතයාට ඇප ලබාදුන් අධිකරණය දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරනවා නම් ඉදිරි නඩු දිනයේ දී චෝදනා ගොනු කරන ලෙස ද අධිකරණයට දන්වයි!

වසර ගණකට පෙර ප්‍රකාශයට පත් වූ එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් වීඩියෝ කීපයක් මතුකර පසුගිය දින කීපය තුළ යළි සිදුවූ සිද්ධියක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර එල්ටීටීඊ ප්‍රවර්ධනයට උත්සාහ කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) ඇප ලබා දුන්නේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කළ ආකාරයට මෙම පුද්ගලයා ත්‍රස්තවාදය වැළැක්වීමෙ පනත යටතට ගැනෙන වරදක් කළ බවට බැලූ බැල්මටම තහවුරු නොවන බව දැන් වූ අධිකරණය චූදිතයාට ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වූයේ මොහු සම්න්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරන්නේ නම් එය ඉදිරි නඩු දිනයේ සිදුකළ යුතු බවටය.

නැවත නඩුව පෙබරවාරි 20 වැනිදා කැඳවීමට නිමයිතය. මෙහිදී චිත්ති පාර්ශවය වෙනුවේන පෙනි සිටී නීතිඥ මනෝජ ගමගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ පෙරළියක් හරහා බලයට පැමිණි රජයක්, කිසිම ආණ්ඩුවක් සිදුනොකළ ආකාරයට සමාජ මාධ්‍ය පාලනය කිරීම යෑම නොකළ යුතු බවය. එවැනි අත පෙවීම් යළිත් භ්‍රෑමරංග වි තමන් වෙතම පැමිණිය හැකි බව ඔහු කීවේය.

RelatedPosts

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

කිසිම පුරවැසියෙකුට බොරු කීමට අයිතියක් නැතිවා සේම භීතියක් ඇතිවන ආකාරයෙන් සමාජ මාධ්‍ය පාලනය කිරීමට උත්සාහ කිරීම්, මෙවැනි පදනම් විරහිත අත් අඩංගුවට ගැනීම් ආන්ඩුවත් නතර කළ යුතු බවය. මෙවැනි අධිකරණ තීන්දු මගින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා වීම මේ නඩුවෙන් ලත් පළමු ජයග්‍රහණය බව ද නීතිඥ මනෝජ් ගමගේ කීවේය.

ඔහු මෙසේ ද පැවසුවේය.
“අද දවසේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අංක 1 උගත් මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කළා කැළුම් හර්ෂණ කියන මගේ සේවා දායකයා. සමාජ මාධ්‍ය ඔස්සේ මහවිරු සැමරුම සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප පල කිරීම ගැනයි ඔහු අත් අඩංගුවට ගත්තේ.

එහිදී අධිකරණයට සීඅයිඩි ය විසින් පෙන්වා දී සිටියා ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය විසින් මගේ සේවා දායකයා විසින් මහවිරු සමරුව පිළිබඳ සහ ඒ ආශ්‍රිත දේවල් පිළිබඳ පෝස්ට් පල කිරීම තුළ යම් කිසි ආකාරයක එල්ටීටීඊ එක ප්‍රවර්ධනයක් කරලා තියනවා. ඒ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා කරමින් ඔහුව ඉදිරිපත් කරනවා කියලා.

මේ අවස්ථාවේ දී අප දැක්වූ කරුණ තමයි මේ රටේ ජන මාධ්‍ය පැහැදිලිව වාර්තා කරලා තිබුණා මහ විරු සැමරුමක් මේ රටේ සිද්ධ වෙනවා කියලා. ඒ වගේම ප්‍රභාකරන්ගේ උපන් දින කේක් එක කපන වෙලාවෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවාජිලිංගම් ගෙ ගෙදරට පොලිසිය ගිහින් ප්‍රභාකරන්ගේ රූපය වහලා උපන් දින සැමරුම ඒ ආකාරයෙන්ම කරගෙන යන්න ඉඩ දුන්නා.

ඒ වගේම අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රභාකරන් දෙවියෙක් ලෙස කතා කළා. එහෙමනම් තහනම් සංවිධානයක්වන එල්.ටී.ටි ඊ සංවිධානය ප්‍රවර්ධනය කරනවා කියන්නේ අන්න එවැනි පුද්ගලයින්.

මගේ සේවාදායකයා කරලා තියෙන්නේ වෙනස් දෙයක්. එක අවස්ථාවක ඔහු පල කරලා තියනවා ප්‍රභාකරන් වැනි ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙක් අපාගත වෙන්න ඕන කියලා. කිසිම අවස්ථාවක මිනිස් ආත්මයක් ලැබෙන්න ඕන නෑ කියලා.

ඉතින් මේක එල්ටීටී ප්‍රවර්ධනයක් කිරීම නෙමෙයි. මහවිරු සතියේ සැමරුම් විවිධ ආකාරයෙන් කළා. මළවුන් සමරනවා කියලා කළා. ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරපු ශිවාජිලංගම් අත් අඩංගුවට ගන්නේ නැතිව ඒ නිදහස ඔවුන්ට ලැබිලා තියනවා නම් දකුනේ ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය තිබිය යුතුයි.
මෙතැනදි අද දවසේ වඩාත්ම සතුට වන්නේ සමාජ මාධ්‍ය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කරලා තියන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු විමක් අ අධිකරණය ඉදිරියේ දි සිද්ධ වුනා.

අධිකරණය ඇහුවෙ මේ සිදුවීම් කළ කෙනාද වරද කරන්නේ. ප්‍රචාරණය කළ කෙනාද වරද කරන්නේ කියලා. අධිකරනය එය ඇසුවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මගේ සේවා දායකයාට චෝදනා ගොනු කරන්න බෑ කියලා ඔහුට ඇප ලබා දුන්නා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කරනවා ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දිනයේ දී අධිකරණයට දන්වන්න කියලා අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.” නීතිඥවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති  යළිත් සුළු  මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සාකච්ඡාවකට කැඳවයි…

Next Post

උද්ඝෝෂණය අතරෙ පොලිසිය කැපුවේ අපි නෙමෙයි… සංවර්ධන නිලධාරීහු කියති….

Related Posts

පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…
  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.