ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහනයක් සම්බන්ධ නඩුවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ දෙසැම්බර් 6 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ව්‍යාජ ලෙස එකලස් කරන ලද වාහනයක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ නඩුවට අදාලව ඔවුන් දෙදෙනා අද (02) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඔහුව පොලිස් අත් අඩංගුවට පත් වන්නේ ඔක්තොම්බර මස 31 වැනිදාය. ඉන් පසු ඔහුගේ බිරිය අත් අඩංගුවට පත් විය.







