ලලිත් චාමින්ද –
විදුලි වැට ඉදිකිරිම සහ එහි නඩත්තු කටයුතු සඳහා ඉකුත් වසර (2021-2023) තුනක කාලය තුළදි රජය විසින් රුපියල් දෙසිය තිස් පන් කෝටි ,පනස් අට ලක්ෂ, අසු දෙදහස් දෙසිය හතලිස් අටක මුදලක් (2,355,882,248) වැයකොට ඇතත් අලි මිනිස් ගැටුම් අවම විමක් හෝ සිදුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
පසුගිය වසර පහ තුල සිදුවු අලි මරණ , මිනිස් මරණ හා දේපළ හානි සැලකිමේ දි විදුලි වැට ඉදිකළද අලි මිනිස් ගැටුම් අවම විමක් සිදුවි නොතිබුණි.
ඉකුත් වර්ෂය තුළදි (2023) විදුලි වැටවල් ඉදිකිරීම සඳහා රුපියල් පන් කෝටි, අසු හය ලක්ෂ, හතලිස් දහස් එකසිය හතලිස් හතක මුදලක් (58,640,147) මුදලක් වැයකොට තිබුණි. එහි නඩත්තු කටයුතු සඳහා වැයකොට ඇති මුදල රුපියල් එක් කෝටි, හතලිස් හතර ලක්ෂ,තිස් තුන් දහස්, පන්සිය පනස් දෙකකි (14,433,552). විදුලි වැටවල සම්පුර්ණ දිග ප්‍රමාණය කිලෝමිටර් 5389.97කි.







