දිනසේන රතුගමගේ –
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරේ පවුල් 15427 කට අයත් පුද්ගලයින් 48577ක් අද 27 දා උදෑසන වන විට විපතට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් විසින් නිකුත් කළ වාර්තා වල සඳහන් වේ.

මේ වැසියන් එම පළාත්වල තාවකාලික සුබ සාධන මධ්‍යස්ථාන 1569 ක රඳවා සිටින අතර වැඩි පිරිසක් ඔවුන්ගේ ඥාතීන්ගේ නිවාසවලට ගොස් සිටිති.
යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2,040ක සාමාජිකයින් 7,436ක් විපතට පත්ව ඇති අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 536ක සාමාජිකයින් 1861 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.
මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 135කට අයත් පුද්ගලයින් 442ක් විපතට පත්ව ඇති අතර මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 12,629කට අයත් පුද්ගලයින් 43,910ක් පීඩාවට පත්ව සිටියි.
අඩුම පිරිසක් විපතට පත්ව ඇත්තේ වවුනියව දිස්ත්රික්කයේය. එම පිරිස පවුල් 87 කට අයත් පුද්ගලයින් 324 කි.
යාපනයේ නිවාස 8 කට සම්පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 32 කට අර්ධ හානි සිදුව ඇත.
කිළිනොච්චියේ නිවාස දෙකක්ද මුලතිව් නිවාස හතරක්ද සම්පූර්ණයෙන්ම හානි වී අති අතර අර්ධ හානි වශයෙන් එම පළාත් දෙකේ නිවාස 17 ක් වාර්තා වී තිබේ.
මන්නාරමේ නිවාස අටක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 11 කට අර්ධ හානි සිදුව ඇත.
මන්නාරමේ හා මුලතිව් ප්‍රදේශයේ ධීවර පැල්පත් 800 ක් පමණ සුළගට කැඩී විනාශ වී ගොස් ඇති අතර බෝට්ටු හයක් මුහුදට ගසා ගෙන ගොස් තිබේ.
උතුරේ විපතට පත් ප්‍රදේශ වල ජනතාව කොටු වූ ගම්මාන වලින් බේරා ගෙන ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන ඒමට නාවික හමුදාව යුද හමුදාව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන ඇති අතර වෙනත් දිනවල වාහන ගමන් කළ මහා මාර්ග හා අතුරු මාර්ග වල මේ දිනවල බෝට්ටු ගමන් කිරීමට පටන් ගෙන තිබේ.
බෝට්ටු වලින් යාමට ඉතා අපහසු පළාවල ජනතාව රැගෙන ඒම පිණිස ඔරුද භාවිත කොට තිබේ.
ගම්මාන වල වැසියන්ට අයත් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකි එකම වාහනය ටැක්ටරය පමණක් නිසා ටැක්ටර් හිමියන්ගෙන් ලබා ගත් ටැක්ටර් වලින් ගංවතුර සරණාගතයින්ගේ භාණ්ඩ ප්‍රහා ඔවුන්වද ප්‍රවාහනය කිරීමට පටන් ගෙන තිබේ.
යාපනය මුලතිව් ප්‍රදේශවල බොහෝ නිවාස වහලය මට්ටම දක්වා ජලයෙන් යට වී ඇත.







