2024 මහ මැතිවරණයට තරග වැද පාර්ලිමේන්තුවට තේරි පත් වූ මන්ත්රීවරුන් 196 දෙනාගේ නම් ගැසට් මගින් ප්රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය ප්රකාරව එක් එක් මැතිවරණ කොට්ඨාස මට්ටමින් තේරී පත් වූ මන්ත්රිවරුන්ගේ නම් ප්රකාශයට පත් කර ඇත.
එම ගැසට් නිවේදනය පහත දැක්වේ.














