පොහොට්ටුවේ එකම ජාතික ලයිස්තු මන්ත්රී ධූරයට නාමල් රාජපක්ෂ පත් කිරීමට යෝජානා වී තිබේ.
මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරියේ දී තීරණය දැනුම් දෙන බව පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්රකාශ කරයි.
පොහොට්ටුව මෙවර ලබා ගත් ඡන්ද ප්රමාණය ඡන්ද 3,50,429කි. ප්රතිශතය සියයට 3.14කි. මන්ත්රී ආසන 2ක් සමග එක් ජාතික ලයිස්තු ආසනයක් පොහොට්ටුවට හිමිව ඇත.
පොදුජන පෙරමුණ යනු 2020 මහ මැතිවරණයෙ දී ඡන්ද 68,53,690ක් ලබාගෙන සියයට 59ක ඡන්ද ප්රතිශතයක් සහිතව පාර්ලිමේන්තුවේ බහුතර බලය නිර්මාණය කරගන්නා පක්ෂයයි.
අවුරුදු 4කට පසු 2024 මහ මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ 65ක හායනයක් සමග ආසන දෙකක් සහ එක් ජාතික ලයිස්තු ආසනයක් සහිත ආසන 3කට පොහොට්ටුව සීමා වී ඇත.







