ගල්කිස්ස, බඩෝවිට 3 අදියරේ නිවසක් ඉදිරිපිට දි වයස අවුරුදු 30ක් පමණ වූ පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
යතුරුපැදියකින් පැමිණි ඝාතකයා අදාල පුද්ගලයාට නිවස ඉදිරිපිට දී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. මෙම පුද්ගලයා සිය බිරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමණි පුද්ගලයෙකි.
ඔහුට මත්කුඩු ජාවාරම සම්බන්ධව ද චෝදනා එල්ල වී ඇතැයි පොලිිසිය පවසයි. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







