මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රී ආසන පහක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණයට අදාළ චන්ද පෙට්ටි පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථානය දක්වා ප්‍රවාහනය කිරීම, දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ 13 පෙරවරුවේදි සිදු කළහ.
මන්ත්‍රී ආසන පහක් තෝරා ගැනීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ දහතුනක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇතුළුව පක්ෂ පහළොවකින් අපේක්ෂකයින් එකසිය විසිදෙනෙකු තරඟ වැදීමට ඉදිරිපත් වී සිටින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය.
මෙවර ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානය ලෙස පොළොන්නරු රාජකීය මධ්‍ය මහා විද්‍යාල තෝරාගෙන තිබෙන අතර ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් 4900 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවත්, මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරින් 1600 කට ආසන්න ප්‍රමාණයක් රාජකාරී කටයුතුවල නිරත වන බවද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වැඩිදුරටත් කිවේය.
.
.







