බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට සූදානම්… ජනපති වන්නි ජනතාවට පොරොන්දු වෙයි!

by editor
නොවැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

උතුරේ ඇවිලුන විනාශකාරී යුද්ධයේ ප්‍රතිඵල වුන දේශපාලන සිරකරුවන් නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) වව්නියාව නගර සභා පිටියේ පැවති වන්නි දිස්ත්‍රික් ජනතා රැළිය අමතමිනි.  එමෙන්ම උතුරු මුහුදේ සිදුවන ධීවර ආක්‍රමණයෙන් උතුරේ ජනතාව ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක් රජය සතුව ඇති බවද ඔවුන්ගේ ආර්ථිකය ශක්තිය තහවුරු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපතිවරයා වන්නි ජනතාව අමතමින් මෙසේ ද ප්‍රකාශ කළේය.  අපට කරන්න වැඩ ගොඩක් තිබෙනවා. අපි දන්නවා අපේ රට ගොඩනගන්න නම් ජාතික සමගිය ගොඩනැගිය යුතුයි. මම හිතනවා උතුරේ ජනතාවගේද, දකුණේ ජනතාවගේද, නැගෙනහිර ජනතාවගේද විශ්වාසය දිනාගත් පක්ෂයක් ජයග්‍රහණය කරනවා කියන්නේ ජාතික ප්‍රශ්නයෙන් භාගයක් විසඳීමයි. වෙනදා වුණේ දෙමළ ජනතාව දෙමළ පක්ෂයක් තෝරා ගන්නවා, මුස්ලිම් ජනතාව මුස්ලිම් පක්ෂයක් හා සිංහල ජනතාව සිංහල පක්ෂයක් තෝර ගන්නවා. මේ විදිහට බෙදිලා දේශපාලන කළා. බෙදිලා දේශපාලනය කරලා එකතුවෙලා රටක් හදන්න බැහැ. ජාතික ජන බලවේගය සිංහල, මුස්ලිම්, දෙමළ සියලුදෙනාගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරයයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට සියලු ජනතාව එක කොඩියක් යටතට ඇවිත් තිබෙනවා. සමගියේ මාවත එයයි. එවන් ආණ්ඩුවක් ගොඩනගාගත් විට අනෙක් ප්‍රශ්න විසඳීමට පහසුයි.

එහෙම නැත්නම් උතුරේ ජනතාවට ඉඩම් දෙන විට දකුණේ ජනතාව කෑ ගහනවා. දකුණේ ජනතාවට ඉඩම් දෙන විට උතුරේ ජනතාව කෑ ගහනවා. මේ සියලුදෙනාගේ නායකත්වය ගත හැකි ව්‍යාපාරයක් තිබෙනවා නම් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. විවිධ ආරක්ෂක හේතුන් මත පවරාගෙන තිබෙන උතුරේ ජනතාවට හිමි ඉඩම් අපි යළි එම ජනතාවට ලබා දෙනවා. දකුණේ ජනතාවගේ විරෝධයක් එයිද? නැහැ. ඔවුන් අපිව විශ්වාස කරනවා. මේ රට ගොඩනැගෙන්නේ එවිටයි. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා. උතුරේ යුද්ධයක් තිබුණා. විශාල විනාශයක් සිදු වුණා. හැබැයි දේශපාලන සිරකරුවන් ඉන්නවා. නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සූදානම්. දකුණ විරුද්ධ වෙයිද? නැහැ. සමඟි සම්පන්න දකුණක්. එදා එහෙම නෙවෙයි. උතුරේ එහෙම එකක් වෙනකොට දකුණ විරුද්ධ වෙනවා. ඇයි බෙදිලා තියෙන්නේ. බෙදිලා දේශපාලනය කරලා තියෙන්නේ. වෙන් වෙලා දේශපාලනය කරලා තියෙන්නේ. එතකොට ප්‍රශ්න දිහා බලන්නේ වෙන වෙනම.

දැන් අපි එකතුවෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මන්නාරමේ එහා කෙළවරේ පේසාලේ පැත්තේ විශාලම රැකියාව තමයි ධීවර රැකියාව. හැබැයි මොකක්ද සිදු වී තිබෙන්නේ? විශාල ප්‍රමාණයකින් ඒ මත්ස්‍ය සම්පත ඩැහැ ගන්නවා. විනාශකාරී ආම්පන්න ක්‍රම භාවිත කරනවා. අපේ මත්ස්‍ය සම්පත බිහි වීමේ පරිසරය මුළුමණින්ම විනාශ කරනවා. අපි ආණ්ඩුවක් ලෙස පෙනී සිටින්නේ අපේ ධීවර ජනතාවගේ අයිතිය වෙනුවෙන්. උතුරේ ධීවර ජනතාවගේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා. එය ඉටු කිරීමට අප සමත් වෙන්නේ නැත්නම් ඔවුන් හිතනවා දකුණේ ආණ්ඩු ඔවුන් ගැන හිතන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ ආරක්ෂාව අපි තහවුරු කළ යුතුයි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඒ වගේම අපි දන්නවා විවිධ සමාගම් සමඟ ඉතා අහිතකර ගිවිසුම් අත්සන් කර තිබෙනවා. සූර්යාලෝකය ඉස්සර වාණිජ සම්පතක් නොවුණත් මේ වන විට වාණිජ සම්පතක් බවට පත් වෙමින් තිබෙනවා. සූර්යාලෝකය යනු සියලු නිමැවුම්වල ආරම්භකයායි. අද ප්‍රධාන දේ පුනර්ජනනීය බලශක්තිය. සෝලා පවර්. මේ ඉර පායන්නේ අපේ භූමිය උඩින්. මේ සූර්යාලෝකය අපේ බලය. එය තුට්ටු දෙකට විකිණීමට අපි ඉඩ දෙන්නේ නැහැ ඒ ගිවිසුම් යළි සමාලෝචනය කරනවා. මේ සම්පත් මේ රටේ සංවර්ධනයට, ‍අපේ රටේ ජනතාවගේ අභිවෘද්ධියට අපි උපයෝගී කර ගත යුතුයි. ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපි සූදානම්.

ඒ වගේම අපි දන්නවා මේ වන්නි දිස්ත්‍රික්කය විශාල කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්. නමුත් වතුර ප්‍රශ්නයක් තිබෙනවා. යම් දේශපාලන ප්‍රශ්නත් තිබෙනවා. ආරම්භයක් ලෙස උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය අපි නැවත ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘතිය උතුරටත් වතුර දිය හැකි ව්‍යාපෘතියක්. ඉරණමඩු ජලාශයත් වතුරෙන් පුරවන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තිබෙනවා. ඉරණමඩුවට වතුර එපා කියලා‍ එහේ දේශපාලකයෝ කියනවා. ඉරණමඩුවට වතුර දෙන්න එපා කියලා දකුණෙනුත් කියනවා. සාධාරණ නැහැ. මේ බිම් අපේ බිම්. මේ අපේ ගොවි ජනතාව. ඒ නිසා ඔවුන්ගේ වතුර ප්‍රශ්නය විසඳීමට අපි කටයුතු කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකක සරණාගතයින් 09ක් ඉන්දියාවේ සිට ලංකාවට පනින්න ගොස් අත් අඩංගුවට…

Next Post

නෙළුම් කුලුන වෙඩි තැබීමේ සිද්ධිය පසුපස පාතාලයෙක් හා බැඳුන පෙම් හුටපටයක්!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.