බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු නැගෙනහිර එක් කරන ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට ප්‍රභාකරන් මටත් කතා කළා… මුස්ලිම් කොංග්‍රසය හැදුන හැටි ගැන කියමින් හකීම් හෙළි කරයි!

by editor
නොවැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

එක් ජනවර්ගයක් මුල් කරගෙන දේශපාලන පක්ෂයක් බිහිවීම සම්බන්ධව දැඩි විවේචන එල්ල කරන පුද්ගලයින් මුස්ලිම් ජනතාව එතැනට තල්ලු කළ ඉතිහාසය ගැන කතා නොකරන බවත්,  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බිහිවූයේ ඉන්දු ලංකා ගිවිසුම මගින් උතුරු නැගෙනහිර ජනතාවට සිදුවූ දැඩි අසාධාරණය පදනම් කරගෙන බවත් මුස්ලිම් කොංග්‍රස් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැවසුවේය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට එදා රජය කටයුතු කළේ එවකට නැගෙනහිර පළාත නියෝජනය කළ මුස්ලිම් මන්ත්‍රීවරු පස් දෙනාගේ විරෝධය නොතකමින් බවද ඔහු පෙන්වා දුන්නේය.

සාම සාකච්ඡා පවතින අතරතුර උතුරු නැගෙනහිර සඳහා පාර්ලිමේන්තුවක් පිහිටුවීමට තමන්ට ද එක්වන ලෙස ප්‍රභාකරන් දැනුම් දුන් බවත් රවුෆ් හකීම් හිටපු මන්ත්‍රීවරයා කීවේය. රවුෆ් හකීම් මේ බව සඳහන් කළේ දශක තුනක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඔහු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් ගෙන් පාර්ලිමේන්තුවේ කළ කතා ඇතුළත් වොයිස් ඔෆ් රීසන් (A Voice of Reason) ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් ඊයේ (09) මහනුවර කරළිය සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මෙසේද පැවසුවේය.

“එක් ජන වර්ගයක් පදනම් කර ගනිමින් දේශපාලන පක්ෂයක් නිර්මාණය වීම සම්බන්ධයෙන් අදටත් යම් යම් පිරිස් විවේචන එල්ල කරනවා. මේවා කියන කවුරුවත් මේ පක්ෂය ඒ ආකාරයෙන් බිහිවීමට මූලික හේතුව ගැන දන්නේ නැහැ. මේ ගිවිසුම මගින් උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාව දැඩි කොන් කිරීමකට ලක්වුණා. ඒ අවස්ථාවේ ඔවුන් ගේ ප්‍රශ්නය ගැන කතා කරන්න අපේ පක්ෂය පෙරමුණ ගත්තා. රජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර සාම සාකච්ඡා ක්‍රියාත්මක වෙත් දී රජයේ නියෝජිතයෙකු ලෙස එයට සම්බන්ධ වූ මටත් නොදන්වා උතුරු නැගෙනහිරට අන්තර්පාලනයක් ලබාදීම සඳහා නෝර්වේජියානු දූත පිරිස රජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ රහසිගත සාකච්ඡාවක් පැවැත් වූවා. එරික් සෝල්හයම් වරක් අන්තර් පාලන ව්‍යුහය පිළිබඳ කෙටුම්පත තමන්ට හා ජ්‍යෙෂ්ඨ නිතීඥ ෆායිස් මුස්තාපා මහතා ට පෙන්වූවා. එය ක්‍රියාත්මක වූයේ නම් උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාවට දැඩි අසාධාරණයක් සිදු වෙනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය හා ශ්‍රී ලංකා රජය සාම සාකච්ඡා පවත්වත් දී රජය පාර්ශවයෙන් සාකච්ඡාවලට මමත් රජයේ දූත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස එක් වුණා. උතුරු නැගෙනහිරට වෙනම පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ප්‍රභාකරන් මට පෞද්ගලිකව අරාධනා කළා. මම ඒ පිළිබඳව වහාම අගමැති රනිල් වික්‍රමසිංහ දැනුවත් කරමින් සාම සාකච්ඡා ක්‍රියාත්මක වූවත් ප්‍රභාකරන් ගේ මතය මෙය යැයි දැනුම් දුන්නා.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන වලට දේශපාලන ඇඟිල් ගැසීම් හා බලපෑම් වලින් තොරව ස්වාධීනය ක්‍රියාත්මක වීමට අවකාශ තිබිය යුතුයි. එසේ නොවුනහොත් වත්මන් ආණ්ඩුව බරපතළ ලෙස කතා කරන වංචාව දූෂණය නැති කිරීමක් වචන වලට පමණක් සීමා වෙනවා. මෙම ආයතන වලට ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී තිබුණත් දේශපාලන ඇඟිල් ගැසීම් නිසා මේවාහි ස්වාධීනත්වය කෙලෙසුණා. වත්මන් ආණ්ඩුව දුෂණය හා වංචාව පිටු දකින්නට කටයුතු කරන්නේ නම් සියල්ලට පෙර මෙම ආයතන වල ස්වාධීනත්වය තහවුරු කිරීම අතිශයින් වැදගත් වෙනවා.

මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉමිතියාස් බාකිර් මාකර්,තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාත්‍රී ඉන්ධන දුම්රියට ඊයේත් වන අලියෙක් ගැටේ… විසිවී ඇද වැටුන අලියා බරපතල තුවාල නැතිව අලියා බේරෙයි…

Next Post

පිරිතකට වැඩම කර දායක නිවසේ නවත්වා ගිය හිමිනමගේ ජිප් රථයත් හොර වාහනයක්?… පොලිසිය විමර්ශන අරඹයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.