අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්රම්ප්ට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.
Warm congratulations to President-elect @realDonaldTrump on receiving a strong endorsement as the 47th President of the United States of America. I look forward to engaging with your administration in realizing common objectives of our relations that are beneficial to the people…
— Anura Kumara Dissanayake (@anuradisanayake) November 6, 2024
එම X පණිවිඩය මෙසේය
“අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්රමාණයක් ලබා ගනිමින් තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්රම්ප් @realDonaldTrump වෙත උණුසුම් සුබ පැතුම් පිරිණමමි. ශ්රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්රයෝජනවත් වන අපගේ සබඳතාවල පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමඟ සම්බන්ධව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.”







