කොළඹ දිස්ත්‍රික්කය තුළ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඒකක 1196ක් ඉදිකිරීම සඳහා චීන සමූහාන්ඩුව ප්‍රදානයක් ලබා දී ඇති බවත් එම ප්රදානය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් අද පැවසුවේය.
ඒ සඳහා ශ්‍රී ලංකා රජයට කිසිම මුදලක් වැය නොවන බව ද ප්‍රකාශ කළ ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ කීවේය. “මහජන චීන සමූහාන්ඩුව බස්නාහිර පළාතේ අඩු ආදායම් ලාභීන් වෙත ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1996ක් ලබා දෙන්න එකඟ වෙලා තියනවා
ඒ නිවාස 1196 අදියර තුනක් යටතේ පැකේජ් තුනක් යටතේ ස්ථාන තුනක ක්‍රියාත්මක කරන්න අපි තීන්දු කරලා තියනවා. මොරටුවේ නිවාස 575ක්, කොට්ටාව නිවාස 108ක්, දෙමටගොඩ නිවාස 586ක්, මහරගම නිවාස 112 පෑලියගොඩ නිවාස 615ක්. කොට්ටාව නිවාස 108 විශේෂයෙන්ම කලා ක්ෂේත්රයේ නියුතු අයට ලබා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. අඩු ආදායම්ලාභීන් සඳහා මේ ඉදි කරන්නේ තට්ටු නිවාස. ඒ තට්ටු නිවාස සඳහා ඉඩම් මේ වනවිටත් වෙන් කරගෙන තියනවා.
“චීන සමාගම් මගින් තමයි මේ ඉදිකිරීම් සිද්ධ වෙන්නේ. ඒ කොන්ත්‍රාත් සමාගම් තෝරා ගැනීම චීනය විසින්ම සිදුකරනු ලබනවා. ඒකට ලංකාවෙ ආණ්ඩුවෙ මැදිහත්වීමක් නෑ. මොකද මේ මුලුමනින්ම චීනයෙන් ලංකා ආණ්ඩුවට ලැබෙන ප්‍රදානයක්. විශේෂ ව්‍යාපෘතියක් ලෙස අපි මේක හඳුන්වනවා.” ඇමතිවරයා පැවසුවේය.







