බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ “අයිස්” ගහන බිරිය මෙහෙයවපු කොල්ල කල්ලියක වැඩක්!

by editor
නොවැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ වයෝවෘද්ධ හාම්පුතු අතපය ගැටගසා පහර දී මුවට ප්ලාස්ටර් ඔබා ගෙල සිර කර මරා දැමීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිය සමග අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත්තේ ය.

විමර්ශන නිලධාරීන් පවසන්නේ, අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සිය සැමියාගෙන් වෙන් වී ජීවත්වන බවත්, ඇය මෙන් ම කල්ලි සාමාජිකයන් දෙදෙනා ද අධික මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවත්ය. කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරාට ලැබුණු ඔත්තුවක් මත මෙම කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත.

කෙම්පිටිය වලව්වේ ඝාතනය සඳහා කල්ලි සාමාජිකයන් තිදෙනෙකු සහභාගී වී ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්වී ඇත. ඔවුන් මිනිස් ඝාතන සහ කොල්ලකෑම් ඇතුළු සෙසු අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මේ වන විට වරෙන්තු ලබා සිටින පුද්ගලයන්ය. ඉකුත් 27 වන දා මෙම ඝාතනය සිදුව තිබිණි. වලව්වට ඇතුළු වූ ඝාතකයන් එහි හාම්පුතා මරා බිරියට ද පහර දී වලව්වේ තිබූ හාම්පුතාට අයත් මෝටර් රථය ද රැගෙන පළා ගොස් තිබිණි. විමර්ශන පවත්වන නිලධාරීන් ඊට පැය කිහිපයකට පසු පැහැර ගෙන ගිය මෝටර් රථය පින්වත්ත පොලිස් වසමේ දමා ගොස් තිබියදී සොයා ගත්තේය. පසුව මේ සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන පවත්වන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරද්දී ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරාට සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණු අතර එහි සඳහන් වූයේ, එම කල්ලියේ සාමාජිකයන් පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බව ය.

පසුව නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගොස් කාන්තාවක් සහ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශනයේදී අනාවරණය වන්නේ, මෙම කල්ලිය සැකකාර කාන්තාව විසින් මෙහෙයවා ඇති බව ය. ප්‍රධාන සැකකරුට බන්ධනාගාර රැඳවියෙකු විසින් ලබා දෙන තොරතුරු මත මෙම කාන්තාව විසින් තරුණයන් තිදෙනෙකු බෝකුන්දරට කැඳවා ඇගේ සොහොයුරකුගේ නමට ගත් මෝටර් රියකින් එහි රියැදුරා ද සමග කෑගල්ලට ගොස් ඇත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

පසුව එකී කාන්තාව කෙම්පිටිය වලව්ව කල්ලි සාමාජිකයන්ට පෙන්වා යළි රංවල ප්‍රදේශයට පැමිණ කල්ලි සාමාජිකයන් තිදෙනා වෙනත් ත්‍රීවීලරයකින් කෙම්පිටිය වලව්ව වෙත යවා තිබේ. කල්ලි සාමාජිකයන් කෙම්පිටිය වලව්වට ඇතුළු වී එහි සිටි හාම්පුතා සහ ඔහුගේ බිරියට පහර දී හාම්පුතාගේ අත-පය බැඳ මුවේ ද ප්ලාස්ටර් අලවා ගෙල සිර කොට ඔහු ඝාතනය කොට මුළු වලව්ව ම පීරා මුදල් සොයා ඇත.

එහෙත් ඔවුන්ට සොයාගන්නට ලැබී ඇත්තේ, රුපියල් දස දහසක් පමණක් බව පොලිසිය කියයි. ලක්ෂ ගණනක මුදල් ඇති බව සිතා මොවුන් වලව්වට ඇතුළු වුවද රුපියල් දස දහසක් පමණක් හමුවීමෙන් පසු මරා දැමුණු හාම්පුතාගේ මුද්ද ද ගලවා ගෙන මොවුන් වලව්වෙන් පිටව ගොස් ඇත.

පසුව ඔවුන්ගේ දුරකතන ඇමැතුමකට අනුව අදාළ කාන්තාව සහ කල්ලි සාමාජිකයන් අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයට පැමිණ කොල්ලකා ගත් රන් මුදුව විකුණා රුපියල් එක් ලක්ෂ 65,000ක මුදලක් ලබා ගෙන එම මුදලින් හෙරොයින් පාවිච්චි කර තිබේ. එම මුද්ද විකුණා ඇත්තේ ද සැකකාර කාන්තාව විසින් බව පොලිසිය කියයි.

සිද්ධිය පසුව දා ප්‍රවෘත්තිවලට විකාශය වීමත් සමග බියට පත් කාන්තාව සහ කල්ලි සාමාජිකයන් සිව්‍ දෙනා මිද්දෙණියට ගොස් සැඟව ඇතත් කිසිවෙකු හඳුනාගනීවි යැයි බියෙන් මොවුන් නැවතත් බෝකුන්දර ප්‍රදේශයේ නිවසට පැමිණ තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරාට මොවුන් සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන්නේ ඉන් පසුව ය.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බිම්සර නමැත්තෙකි. ඔහු ත්‍රිකුණාමල පදිංචිකරුවෙකි. නිවාස සහ වෙළෙඳසල් කොල්ලකෑම් ගණනාවක් සිදුකළ අයෙකි.මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී නලින් නමැති අයෙකු හඳුනාගෙන ඇති අතර ඇප මත නිදහස්ව නිවසට පැමිණීමෙන් පසු ප්‍රධාන සැකකරු පිළියන්දල ප්‍රදේශයේ නිවසකට පදිංචියට පැමිණ තිබේ. එහිදී ඔහුට කෝටිපති ව්‍යාපාරිකයාගේ සැකකාර බිරිය හඳුනා ගැනීමට අවස්ථාව හිමිව තිබේ.

ඒ අතරදී කෑගල්ල කෙම්පිටිය වලව්ව පිළිබඳව ඔහුට තොරතුරු ලැබී ඇති අතර පසුව ඒ බව සැකකාර කාන්තාවට දැනුම් දීමෙන් පසු ඇගේ සහයෝගයෙන් මෙම කොල්ලකෑම සිදුකර ඇත. සැකකාරිය සහ සැකකරුවන් පිළියන්දල සිට කෑගල්ල බලා යෑමට උපයෝගී කරගත් මෝටර් රථය, අත්බෑග්, අත්මේස් කුට්ටම්, උල් පිහි දෙකක්ද පොලිස් කණ්ඩායම සොයා ගෙන ඇති අතර සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු බොරැලැස්ගමුව ප්‍රදේශයට විකුණන ලද මිය ගිය හාම්පුතාගේ රන් මුද්ද ද සොයා ගෙන ඇත.

සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ( මව්බිම)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකා සසිකලා රවිරාජ්ගේ වාහනයට ප්‍රහාරයක්…

Next Post

හිටපු ජනාධිපතිවරු 06 දෙනා වෙනුවෙන් පොලිසිය විතරක් දරන වාර්ෂික වැය බර රුපියල් කෝටි 110ක් ( මිලියන 1100ක්)… තොරතුරු මෙන්න…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.