දිනසේන රතුගමගේ –
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර යාපනය දිස්ත්රික්කයට තරග කරන ඝාතනයට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නඩරාජා රවිරාජ්ගේ බිරිය සසිකලා රවිරාජ් ගමන් කරමින් සිටි මෝටර් රථයට 5 දා රාත්රී යාපනය චාවකච්චේරී ප්රදේශයේදී ගල් ප්රහාරයක් එල්ල වී තිබේ.
එම අවස්ථාවේදී මැතිවරණ අපේක්ෂිකා සසිකලා රවිරාජ් මෝටර් රථය තුළ සිට ඇත. ගල් ප්රහාරයෙන් මෝටර් රථයේ වීදුරු වලට හානී සිදු වූවත් ඇයට කිසිදු අනතුරක් සිදුව නොමැත.
යතුරු පැදි වලින් පැමිණි පිරිසක් ඇගේ මෝටර් රථයට මෙම ගල් ප්රහාරය එල්ල කොට පලා ගිය බව සසිකලා නඩරාජ් චාවකච්චේරී පොලීසියට කළ පැමිණිල්ලේ සදහන් වෙයි. මීට දින කීපයකට ඉහතදී සසිකලා නඩරාජ්ට අයත් යාපනයේ නිවසටද ප්රහාරයක් එල්ල වූ අතර එම ප්රහාරය එල්ල කළ බවට චෝදනා එල්ලවුයේ වූයේ ඉලන්කෙයි තමිල් අරුසු කච්චි පක්ෂයටය. ඒ සම්බන්ධයෙන් ඇය යාපනය පොලීසියට පැමිණිලි කළද නිවසට ප්රහාර එල්ල කල පිරිස මෙතෙක් අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
සසිකලා රවිරාජ් යාපනයෙන් මහ මැතිවරණයට තරග වදින දෙවන අවස්ථාව මෙය වෙයි. මේ වනවිට මැතිවරණ ප්රචණ්ඩ ක්රියා වැඩිවශයෙන්ම වාර්තා වන්නේ උතුරු ප්රදේශයෙන් වීම විශේෂිතය. උතුරේ සම්ප්රදායික දේශපාලනය ද දකුණේ වෙනසත් සමගම දෙදරා ගොස් තිබෙන ආකාරය නිරික්ෂණය වී ඇත.







