බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු නඩුවෙන් නිදහස් කරමින් පූජිත්ට සහ හේමසිරිට මහාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි!

by editor
නොවැම්බර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවේදී විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදහස් කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව බලරහිත කරමින් අද ( 05) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් නිකුත් කළේය.

උක්ත විත්තිකරුවන් පිළිබඳව වහාම නැවත නඩු විභාගයක් ආරම්භ කර විත්තියේ සාක්ෂි විභාගය පවත්වන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය   පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිසි බුද්ධි තොරතුරු ලැබී තිබිය දී එය නවත්වා ගැනිමට පියවර නොගත්තේ කුමක් නිසාදැයි යන්න පිළිබඳව විත්තියේ සාක්ෂි කැඳවා විමසා සිටිය යුතුව තිබුණු බව දන්වා සිටියේය.

බුද්ධි තොරතුරු තිබෙද්දී එම ප්‍රහාරය වළක්වා නොගෙන රාජකාරි වගකීම් පැහැර හැරීම ඇතුළු චෝදනා 855 බැගින් ගොනු කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් වෙත වෙන් වෙන්ව නඩු දෙකක් ගොනු කර තිබිණි. නඩු විභාගය ආරම්භ කළේ මහාධිකරණ විනිසුරුවරුන්වන  ආදිත්‍ය පටබැඳිගේ, නාමල් බණ්ඩාර බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලය.  එම විනිසුරු මඩුල්ල  2022.12.02 දින සිය තීන්දුව නිකුත් කරමින් විත්තිකරුවන් නිදහස් කරන්නේය. ඒ  පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා  සලකා බලමිනි. එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් මෙම අභියාචනාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනු ලැබුවේය. එම අභියාචනාව අද විභාගයට ගෙන තිබුණේ ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, කුමුදිනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ලැබුනේ බෙදුනු තීන්දුවකි. විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, කුමුදිනී වික්‍රමසිංහ එක් තීන්දුවක් ප්‍රකාශ කර තිබුණු අතර විනිසුරු මහින්ද සමයවර්ධන වෙන්ව තීන්දුවක් ලබා දුන්නේය. නමුත් සෙසු විනිසුරුවරුන් සිවු දෙනා ලබා දුන් තීන්දුවේ මූලික හරයන්ට මහින්ද සමයවර්ධන විසින් සිය තීන්දුවෙන් එකඟතාවය පල කර තිබිණි.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලොහාන් ජාතික රෝහලෙන් යළිත් බන්ධනාගාර රෝහලට…

Next Post

රාජ්‍ය සේවයට කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නෑ… නමුත් රජයේ සංවර්ධන ඉලක්ක කරා යන ගමනේ දී ඔබ වෙනස් විය යුතුයි… ජනපති රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට පවසයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.