හොංකොං සික්සර්ස් තරගාවලිය ආරම්භ වන්නේ සෑහෙන කාලයකට පසුය. තරගාවලිය අමුතුය. ඉන්දියාව දැනටමත් පරාදවී තරගාවලියෙන් ඉවත්වි ගොස්ය. ඉන්දියාව පැරදුනේ හොංකොං කණ්ඩායමටය. දිගටම ගහගෙන පැමිණි නේපාලය තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකාව මුණගසෙන්නේය.
තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී නේපාලය ලකුණු 40කින් පරාජය කරමින් මෙවර හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත්විය.කාසියේ වාසිය දිනා ගන්නේ නේපාලය ය. ඔවුහු පන්දු රැකීම තේරුහ. ඒ් හඹා ගොස් ඉලක්කගත ජයග්‍රහණය ලබා ගන්නටය. ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සඳුන් වීරක්කොඩි සහ තනුක දාබරේය.
ඔවුහු වේගවත් ආරම්භයක් ලබා ගත්හ. ඔවුන් දෙදෙනා මුල් කඩුල්ල වෙනුවෙන් පන්දු ඔ්වර 3.1කට ලකුනු 58ක් රැස් කළේය. සඳුන් වීරක්කොඩි පන්14ක දී ලකුණු 50ක්, නායක ලහිරු මධුසංක පන්දු 08ක දී ලකුනු 31ක්, ලහිරු සමරකෝන් පන්දු 5ක් දී ලකුණු ලකුනු 22ක් ලැබුවේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6දී කඩුලු 2ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 123කි. ලකුණු 124ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නේපාල කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 18කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණි.
ඒ අනුව නේපාල කණ්ඩායමට පන්දුවාර 3යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 83ක් පමණි. පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත් අතර ධනංජය ලක්ෂාන් කඩුල්ලක් දවා ගත්තේය.







