ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බවත් මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පවසයි.
ඔහු මේ බව ප්රකාශකරන්නේ මහනුවර පැවති ප්රවෘත්ති සාකච්ඡාක් අතරය.
මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට අධිකරණයේ පිහිට ලබාගැනීමේ හැකියාව පවතින බව කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය.







