වාහන අනායනය සඳහා හදිසි තීන්දුවකට නොයන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අද (15) පැවසුවේය.
ඔහු කීවේ ඩොලර් සංචිත හිස් නොවන ආකාරයට නිවැරදි ක්‍රමවේදයක් යටතේ වාහන අවශ්‍යතාවය සැපිරෙන ආකාරයේ ඉඩ ප්‍රස්ථාවක් විවෘත කිරීමේ සැලසුමක් රජය සතු බවය.
“වාහන ආනයනය කිරිම සදහා ඉඩ පහසුකම් සලසන්න කියලා විශාල ඉල්ලීමක් තියනවා. ඒ පළිබඳව කලින් ගත්ත කැබිනට් තීන්දුවක් තියනවා.”
“නමුත් මේ වෙලාවේ හදිසි අප වාහන ගෙන්වීමක් සිද්ධ කරලා නෑ. තීරු බදු සහන දෙන වාහන ගෙන්වලා නැහැ අප බලයට පත්වුනාට පස්සේ.”
“නමුත් වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව අපේ ඩොලර් ප්‍රමාණයන් පිටතට ඇදිලා යන්නේ නැති වෙන්න, නැවත ඩොලර් අර්බුදයක් රට තුළ ඇති නොවෙන්න, නමුත් වාහන අවශ්‍යතාවය සැපිරෙන්න යම් ඉඩ ප්‍රස්තාවක් විවෘත කිරිම සඳහාත් ඉඩ ප්‍රස්ථා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.” කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේය.







