කිර්ති ප්‍රනාන්දු –
ඒකල ප්‍රධාන තොග වෙළෙඳසලක් ඉදිරිපිට ප්‍රජා සත්කාරයක් ලෙස ගංවතුරෙන් පීඩාවට පත් වු පුද්ගලයින්ට අද (14) උදේ ප්‍රදේශවාසීන් පිරිසක් පිසු ආහාර සහ වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙමින් සිටින අවස්ථාවේදී ගංවතුරෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇතිවූ බහින්බස් වීමකදී එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාට පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.
ඝාතකයා සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා ඒකල ගම්පහ පාරේ පදිංචිව සිටින පුද්ගලයින් බවත්, ඔවුන් දෙදෙනාම පවුල් පිටින් ගංවතුර නිසා පීඩාවට පත් වී සිටි පුද්ගලයින් බවත් පොලිසිය පවසයි.
ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ දී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යෑම නිසා පිහි ඇනුම් කෑ පුද්ගලයා අවට පිරිස් විසින් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරු තහවුරු කර ඇත.
මේ වනවිට ඝාතන සැකකරු හඳුනාගෙන සිටියත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද ජා ඇල පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ 45 හැවිරිදි පුද්ගලයාගේ දේහය මේ වනවිට රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ. හෙට දිනයේ ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







