පසුගිය රජය විසින් මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රතිපත්ති ගරුක දේශපාලන මාවත ජනතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව තමන් කලකිරීමට පත්වූ බැවින් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවීමට තීරණය කළ බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
රට ආර්ථික වශයෙන් බංකොලොත් වු පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමග එක්ව රටේ ආර්ථිකය ගොඩ නැංවීමට තමන් කැප වී ක්‍රියා කළත් ස්ථාවර වූ රටේ ප්රතිලාභ ජනතාවට හිමිවෙමින් දිබෙද්දීත් එම සාධනීය තත්ත්වය ඔවුන් අවබෝධ කරනොගත් බව ඔහු එම නිවේදනයේ සඳහන් කරයි.
රට හා ආර්ථිකය ස්ථාවර වූ විට එහි ප්රතිලාභ ජනතාවට හිමි වනු ඇති නිසා ජනතාව විසින් එය අවබෝධ කර ගැනීමට සමත්වනු ඇතැයි තමා තුල වූ විශ්වාසය පලුදු වූ බව කියන හිටපු රාජ්‍ය අමාත්‍ය සේමසිංහ
රටක් ලෙස සිදුකළ කැපකිරීම් සහ ලද ජයග්රහණයන් සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් නොතිබුණු බව මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කලේ යැයි පවසයි.
මේ හේතුවෙන් පසුගිය රජය විසින් මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රතිපත්ති ගරුක දේශපාලන මාවත ජනතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව තමන් කලකිරීමට පත්වූ බැවින් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවීමට තීරණය කළ බවත් හිටපු රාජ්‍ය ඇමතිවරයා එම ලිපිය මගින් දන්වා තිබේ.
ශෙහාන් සේමසිංහ මනාප ඡන්ද එක් ලක්ෂ දහනව දහස් අටසිය හැත්තෑ අටක් ලබාගෙන අනුරාධ පුර මනාප ලයිස්තුවේ සිවු වෙනියා ලෙස 2020 මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයෙකි.







