මෙවර සමගි ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වැරදීමට නාම යෝජනා ලබා ගත් අවස්ථා කීපයක දි දේශපාලන පිල් මාරුවේ යෙදුන ප්‍රබල ව්‍යාපාරික දේශපාලකයෙක් කෙසේ හෝ පාර්ලිමේන්තුවට යෑමේ අභිලාෂයෙන් තමන්ගේ මනාප වැඩි කරගැනීමට තෝරාගත් ආසන සංවිධාකයින් දෙදෙනෙකුට රුපියල් මිලියනය බැගින් මුදලක් අල්ලස් ලෙස ලබාදීමට සූදානම් වී ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමිවන්නේ ආසන තුනක් හෝ හතරක් බවට වු ගණනයත් සමග මනාප ලයිස්තුවේ මුල් අවස්ථා දෙක මුස්ලිම් අපේක්ෂකයින් දෙදෙනෙකුට යෑමේ වැඩි අවකාශයත් ගණනය කර මනාප තරගයේ තුන් වැනි ස්ථානයට පත්වීම සඳහා ඔහු මෙම රහසිගත ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව දැනගන්නට ඇත.
මොහුගේ ක්‍රියාකලාපය සම්බන්ධව මේ වනවිට සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් සෙසු අපේක්ෂකයින් අතර අප්රසදායක් ගොඩ නැගී ඇති බවත් ඔහු සම්බන්ධව මේ වනවිට පක්ෂ නායකත්වය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග පවසයි







