ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්වන හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පසුගිය ජනාධිපතිවරණයේදී තම සහාය පළ කළ සමගි ජන බලවේගය හා සජිත් ප්‍රේමදාස හැර දමා රන්ජන් රාමනායකගේ නව පක්ෂයට එක්වී ඇත.
ඔහුට එහි ජාතික සංවිධායක කම පිරිනමා ඇතැයි වාර්තා වේ.
ඩිල්ෂාන් ගේ බිරිඳ වන මංජුලාද නිළියක් වන අතර ඩිල්ෂාන් රන්ජන්ට එක්වීමට මෙයද හේතුවක් වන්නට ඇතැයි පැවසේ.
ගෝඨාභය රාජපක්ෂගේ වකවානුවේ දී පොහොට්ටුවෙන් දේශපාලනයට පිවිස අතරමැද අත්හැර දා ගිය තිලකරත්න දිල්ෂාන් මෙම ජනාධිපතිවරණයේ දි යළිත් පැමිණ සමගි ජන බලවේගය හා එක් වුනේය.
මේ වනවිට රන්ජන් රාමනායකගේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියානු පුරවැසි තිලකරත්න දිල්ෂාන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින බවක් කියැවේ.
එසේ තරග වදින්නට නම් ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය අත් හැරීමට සිදුවන අතර මේ වනවිට ඔහුගේ බිරිය සහ දරුවන් ඔස්ට්‍රේලියාවේ ජිවත් වීමත් දරුවන් අධ්‍යාපනය හදාරන්නේ ඔස්ට්‍රේලියාවේ වීමත් ගැටලුසහගත තත්ත්වයක් ඇති කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම දේශපාලන පක්ෂය වෙනුවෙන් මුදල් යොදවන්නේත් මෙරට වත්කම් මිලදී ගැනීමට, මාධ්‍ය ඔස්සේ සමාජ බලපෑමක් කිරීමට සහ ජාතික දේශපාලන ධාරාවට පිවිසීමට විශාල මුදලක් විසි කරමින් සිටින ආන්දෝලනාත්මක ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක් බව ද වාර්තා වේ.







