හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරියවන ශෂී වීරවංශ සම්බන්ධ කුප්‍රකට හොර පාස්පෝට් නඩුව පිළිබඳ ඉදිරිපත් කළ විත්තියේ විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නඩු විභාගය ජනවාරි 28 දින සිට ආරම්භ කිරීමට ඊයේ (08) නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ අධිකරණයේ පෙනී සිටියාය
විමල් වීරවංශ රජයේ ප්‍රබල ඇමතිකමක් දරන වකවානුවට අයත් 2010 ඔක්තෝබර් මස 13 දින ඔහුගේ බිරියවන ශෂී වීරවංශ ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහිත කූඨ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව එච්. චමින්ද නමැති අයෙක් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ශෂී වීරවංශ විත්තිකාරිය කරමින් මෙම නඩුව පවරා තිබිණි.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම්කර සිටින හිටපු ආගමන විගමන පාලක ජනරාල් ඩබ්ලව්. ආර්. චූලන්නන්ද පෙරේරා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනකුට එදින අධිකරණ ඉදිරියේ සාක්ෂි ලබාදෙන ලෙසට නියෝග කරමින් නොතීසි ද නිකුත් කළේය.







