සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන ශාලා සංකීරණයක් නම් කිරීමට එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
මහාචාර්ය සෝමසුන්දර සබරගමුව විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගැනිමෙන් අනතුරුව 2007 වසරේ සිට නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහචාර්යවරයා වශයෙන් එම පීඨයේ පීඨාධිපති, කලා හා සමාජීය විද්‍යා අංශයේ පීඨාධිපති, පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ පීඨාධිපති යන තනතුරු දරමින් සිට
ඒ අනුව ඔහු කළ සේවය වෙනුවෙන් එම විශ්ව විද්‍යාලයේ දේශන ශාලා සංකීරණයක්, ජේ.ඩබ්ලිව්. ඩී. සෝමසුන්දර දේශන ශාලා සංකීරණය ලෙස නම් කර තිබේ. (වයි.ඵ්.ඵස් වීරවංශ – ලංකාදීප)







