2019 ජනාධිපතිවරණය සමයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව ව්‍යාජ ප්‍රකාශයක් කිරීම සඳහා මධ්‍ය හමුවක් කැඳවා වෙස් මාරුකරගත් පුද්ගලයින් දෙදෙනෙක් ලවා බොරු කියැවීම පිළිබඳ චෝදනා ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් තාසිම් මොහොමඩ් රුමිට එරෙහිව පවරා ඇති නඩුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කරනවා ද? නැද්ද? යන නියෝගය ඔක්තෝබර් 24 ලබා දීමට මහාධිකරණ විනිසුරු සූජීව නිශ්ශංක අද (4) නියෝග කළේය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නිතිඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ සිය සේවාදායකයින් නිදොස් කොට නිදහස් කරන ලෙසය.
එම කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරුවරයා විත්තියේ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ඔක්තෝබර් 24 ලබා දීමට නියෝග කළේය.
2019 නොවැම්බර් 10 වැනිදා තිඹිරිගස්යාය ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක දි රාජිත සේනාරත්න මුල් වී ව්‍යාජ ලෙස වෙස් ගැන්වූ පුද්ගලයින් දෙදෙනෙක් යොදවා ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීම මත සුදු වෑන් භාවිතා කර පුද්ගලයින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සහ වෙළුපිල්ලේ ප්රභාකරන් සතුව තිබු රන් භාණ්ඩ ගෝඨාභය රාජපක්ෂ සතු කරගත් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරවනු ලැබීය.
වටරුක ගමගේ අතුල සංජීව මදනායක හෙවත් උණ්ඩියල් අතුල සහ ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු ලෙස පෙනී සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර යන පුද්ගලයින් ලවා මාධ්‍ය හමුවේ දී රාජිත සේනාරත්න මේ ප්‍රකාශය සිදුකරවා තිබිණි.







