හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් අත්හිටුවමින් කොළඹ මහාධිකරණය නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබේ.
එම නියෝගය නිකුත් වන්නේ අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ගොනු කර ඇති නඩුවක් අද කොළඹ මහාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දි ය.
මීට පෙර අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 05ක් අත්හිටුවමින් අද දින තෙක් බලපැවැත්වෙන පරිදි නියෝගයක් නිකුත් කර තිබුණි.
ඒ අනුව අද දින අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය එම අත්හිටුවීමේ නියෝගය ලබන ජනවාරි මස 04 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස නියම කළේය.







