ලලිත් චාමින්ද –
හිසට පහර දී තුවාල සිදුකර ගෙල කපා ඝාතනය කළ වියපත් යුවලක් අඹු සැමි යුවලකගේ මළ සිරුරු ඔවුන් පදිංචිව සිටි කාමරයක් තුළ දී අහංගම පොලිසිය විසින් අද (04) උදේ සොයාගෙන තිබේත.
ඊයේ (03) රාත්රියේ දී මෙසේ ඝාතනය කර ඇත්තේ අහංගම පොලිස් වසමේ ,වැල්හේන්ගොඩ අහංගම, ලිපිනයේ පදිංචිව සිටි පී ජයසිංහ (64) සහ මනි වීරතුංග (63) යන අඹසැමි යුවලය.
මේ දෙපළට දියණියක ඇති බවත් ගර්භණී තත්ත්වයේ පසුවන ඇය ප්රතිකාර සඳහා කොළඹ පිටත්වී සිට ඇති බවත් අහංගම පොලිසිය කියයි.
ඇය අද උදෑසන සිය මව්පියන්ට කතා කළ නමුත් ඔවුන් දුරකථනයට ප්රතිචාර නොදැක්වීම නිසා ඔවුන් ගැන සොයා බලන ලෙස සිය ඥාතියෙකුට දැනුම් දී ඇති බවත් අද උදෑසන ඥාතියා එම නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ ලේ පැල්ලම් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇති බවත් විමර්ශන අංශ පවසයි.
ඒ අනුව පොලිසිය පැමිණ උදෑසන 10.30ට පමණ නිවස විවෘත කර බලන විට ඝාතනය කළ අඹුසැමි යුවලගේ සිරුරු හමුවී ඇත. ඒ අවස්ථාව වනවිටත් නිවසේ රූපවාහිනිය ක්රියාත්මක වී තිබුණු බව පොලිසිය පවසයි.
මෙතෙක් මෙම ද්විත්ව ඝාතනයට පදනම් වූ හේතුව සොයාගෙන නැත. අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







