යහ පාලන ආණ්ඩුව පැවති 2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කර තරුණයෙක් අනතුරට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව 2025 පෙබරවාරි මස 28 වන දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.
මෙම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක අධිකරණයේ පෙනී සිටියේ ය.
එම අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කර තිබුණි.
ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව 2025 පෙබරවාරි මස 28 වන දා කැඳවන ලෙස නියෝග කළේය.







