සජිත් ප්‍රේමදාසට එජාපය භාරගෙන පොදු සන්ධානයක් ගොඩනැගීමට හැකිවන පරිදි හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එජාප නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගය නිල වශයෙන් දැනුම් දි ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
එහෙත් සමගි ජන බලවේගයේ ඉල්ලීමට රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කිරීමේ පසුබිමක් තුළ මේ සංවාදය දිගටම වර්ධනය නොවන බව ද මහලේකම්වරයා කියා සිටී.
මේ අතර ජනාධිපතිවරයාට සමීප හිතවෙක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසන්නේ පොදු විපක්ෂ සන්ධානයට එක්වීමට කැමති නම් සජිත් ප්‍රේමදාසට සන්ධානයේ අගමැති අපේක්ෂක ධූරය ලබා දීම සම්බන්ධව කිසිම ගැටලුවක් නොමැති බවය.
“නමුත් ප්රශ්නය තමයි සමගි ජන බලවේගයට අවශ්‍ය පොදු සන්ධානයේ සංකේතය දුරකථනය වීම. සන්ධානයක හවුල්කරුවෙකුගේ සංකේතයක් යටතේ කිසිදු සන්ධානයක් මෙතෙක් ගොඩනැගිලා නෑ. එය පොදු සංකේතයක් විය යුතුයි” සමන් රත්නප්‍රිය පැවසුවේය.







