වී ගොවීන්ට හෙක්ටයාරයකට ලබා දෙන රුපියල් 15000ක පොහොර සහනාධාරය රුපියල් 25000ක් දක්වා ඉහළ නැන්වීමට භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව 2024-25 මහ කන්නය සඳහා මෙම පොහොර සහනාධාරය ගොවීන්ට හිමිවනු ඇත. ඔක්තොම්බර් 01 වැනිදා සිට මෙම සහනාධාරය ක්‍රියාත්මකය.
මීට අමතරව ඍජුවම ධීවරයින්ගේ බැංකු ගිනුම්වලට ප්‍රේෂණය වන පරිදි ධීවර ප්‍රජාවට සහනාධාරයක් ලබා දීමට ද ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇත.







