ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරි අති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වැනි වගන්තියේ විධිවිධාන අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය මීට ස්වල්ප වෙලාවකට පෙර ප්‍රකාශයට පත් වූයේය.
ගැසට් නිවේදනයට අනුව අද මධ්‍යම රාත්රයේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.
අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ඔක්තොම්බර් මස 04 වැනි දිනයේ සිට ඔක්තොම්බර් මස 11 වැනි දින දහවල් 12 දක්වා කාලය තුළ නාම යෝජනා භාර ගැනීම සිදුවනු ඇත.
මහ මැතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 14 වැනි දිනයේ දී ය.
නොවැම්බර් මස 21 වැනිදා නව පාර්ලිමේන්තුව රැස්විමට නියමිතව තිබේ.








